සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

දෙනුවර කලාප ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවය වර්ණවත්ව.

දෙනුවර කලාප ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවය වර්ණවත්ව.

දෙනුවර කලාප ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවය වර්ණවත්ව. 2022 වර්ෂයේ ක්‍රීඩා කේෂ්ත්‍රයෙන් දෙනුවර අධ්‍යාපන කලාපය නියෝජනය කරමින් කලාප, පළාත් හා ජාතික මට්ටමින් දක්ෂතා දැක්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇගයීමේ වර්ණ ප්‍රධාන උළෙලක් (23) පිළිමතලාව හැරමිටිගල ශ්‍රී ධීරානන්ද මහා විද්‍යාලයේදී මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චමිලා විජේරත්න මහත්මිය ප්‍රධානත්වයෙන් පැවැත්විණ. එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇගයීමට සමගාමිව දෙනුවර කලාපයේ පාසල් ක්‍රීඩා පුහුණුකරුවන් , ක්‍රීඩා පුහුණු ගුරුවරුන් හා ක්‍රීඩාභාර ගුරු උපදේශකවරුන් ඇතුළු පිරිසක් ද විශේෂ ඇගයීමකට ලක්විය. දෙනුවර කලාපය නියෝජනය කරන මැණික්දිවෙල ජාතික පාසලේ ආදී ශිෂ්‍ය බර ඉසිලීමේ ලෝක ශුර ක්‍රීඩක ඉන්දික දිසානායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටීම විශේෂත්වයක් විය. මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චමිලා විජේරත්න මහත්මිය, අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එම්. එන්. සාරුඩින් මහතා, දෙනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නයෝමි හෙට්ටිආරච්චි මහත්මිය, පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ අතුල ජයවර්ධන මහතා ඇතුළු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ හා දෙනුවර අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන්, විදුහල්පතිවරුන් හා වර්ණලාභී ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු පිරිසක් ඊට සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook