මධ්‍යම පළාත් නිවාස දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ කාර්යභාරයන් වඩා සාර්ථකව ඉටු කිරීම වෙනුවෙන් සංවිධානය වූ ව්‍යාපෘති වාර්තා සකස්කිරීම පිළිබදව පුහුණු වැඩසටහනක් ඉකුත්දා (15) මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී පැවැත් වින.
මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනේ සම්පත්දයකත්වය ප්‍රධාන ලේකම් කාර්යාලයේ සැලසුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) සමිත දුනුකේපොත මහතා විසින් ලබාදෙන ලදී. යහපත් වූ සමාජ නිමැවුමක් ,ප්‍රතිපලයක් ලබාගැනීමට යෝග්‍ය වූ ව්‍යාපෘති වාර්තා සකස් කිරීම පිළිබදව මෙහිදී පුර්ණ දැනුමක් ලබාදීම සිදුකළ අතර, ප්‍රායෝගික ගැටළු අධ්‍යනය කරමින් මෙම වැඩසටහන සංවිධානය කොට පැවතුනි.
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) චන්දන වික්‍රමසුරිය මහතාගේ අධික්ෂණය මත නිලධාරීන්ගේ දැනුම හා කුසලතාවයන් ගොඩනංවමින් කාලින අවශ්‍යතා කාර්යයක්ෂමව ඉටුකිරීම වෙනුවෙන් සංවිධානය වූ මෙම වැඩසටහන සදහා පළාත් නිවාස කොමසාරිස් කනිෂ්කා වඩුගොඩ මහත්මිය ද එක්ව සිටියහ.
