සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

නරේන්ද්‍රසිංහ ප්‍රාථමික විද්‍යාලයේ නිවාසාන්ත ක්‍රීඩා උළෙල.

නරේන්ද්‍රසිංහ ප්‍රාථමික විද්‍යාලයේ නිවාසාන්ත ක්‍රීඩා උළෙල.

නරේන්ද්‍රසිංහ ප්‍රාථමික විද්‍යාලයේ නිවාසාන්ත ක්‍රීඩා උළෙල. අද දරුවන්හට ලබාදෙන ක්ෂණික ආහාර රටාව නිසා දරුවන් රෝගාබාධවලට ගොදුරු වීමේ ප්‍රවණතාවය වැඩි වෙලා . පෝෂණය අතින් දුර්වල වූ පරපුරක් බවට අපේ දරුවන් පත් කිරීමේ ක්‍රමවේදය නැවැත්විය යුතු බවත්,මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා පවුල , පාසල හා ඒකාබද්ධ වූ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක යුතු බවත් පැවසීය. අතීතයේ ශ්‍රී ලාංකිකයන් තුල පැවති ශක්තිය නැවත ඇති කිරීමටනම් දේශීය ආහාර රටාවට ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවත්,දරුවා පරිසරය සමග ජීවත්වීමට ආභාෂයක් ලබාදීම කාලීන අවශ්‍ය බව ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා පවසයි. ඒ මහතා මෙලෙස පැවසූයේ පසුගියදා(22) වත්තේගම අධ්‍යාපන කලාපයේ නරේන්ද්‍රසිංහ ප්‍රාථමික විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. මයුර, කෝකිල හා තිසර යන නිවාසයන් වලට බෙදී දරුවන් ක්‍රීඩා කරන ලද අතර, විචිත්‍ර වත් අංග රැසකින් ක්‍රීඩා උළෙල වර්ණවත් විය. මෙම වැඩසටහන සදහා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න, පාසලේ විදුහල්පති සී.පී ගොඩැල්ලවත්ත යන මහත්ම මහත්මීන් , අවට පාසල්වල්. විදුහල්පතිවරුන් ඇතුලූ පිරිසක් ද එක් ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook