
සම අධ්‍යාපනයක් ලැබීමට පළාතේ දරුවට ඇති අයිතිය තහවුරු කරනවා- පළාත් ආණ්ඩුකාර නිතීඥ ලලිත් යු ගමගේ.
සම අධ්‍යාපනයක් ලැබීමට පළාතේ දරුවට ඇති අයිතිය තහවුරු කරනවා- පළාත් ආණ්ඩුකාර නිතීඥ ලලිත් යු ගමගේ.
නිදහසෙන් වසර 75 ක් ගෙවී අවසන් වුවත් තවමත් අධ්‍යාපනය සදහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කොට ක්‍රියාත්මක කිරීමට නොහැකි වීමේ ආදීනව වර්තමාන දරුවන් ද අත්විදීමට සිදු වීම කනගාටුවට කරුණක් බවත් , කිනම් භාෂාවකින් සිය අධ්‍යාපනය ලැබුවා වුවත් ඒ සියලු දෙනාට සම අධ්‍යාපනයක් ලැබීමට ඇති අයිතිය තහවුරු කිරීම තම අපේක්ෂාව බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර පළාත් ආණ්ඩුකාර නිතීඥ ලලිත් යු ගමගේ මහතා පවසයි .
ගලේවෙල අධ්‍යාපන කලාපයට අයත් කැප්පිටිය මුස්ලිම් විද්‍යාලයේ දරුවන් ට පාසල් නිල ඇදුම් සහ පෙළපොත් බෙදා දීමේ අවස්ථාවට පසුගියදා එක් වෙමින් පළාත් ආණ්ඩුකාරවරයා , එම විද්‍යාලය ලබා ඇති භෞතික දියුණුව සම්බන්ධයෙන් සිය සතුට පල කල අතර ඊට සමගාමිව දරුවන් ගේ සාරධර්ම සහ යහපත් හැසිරීම ගුණාත්මක මට්ටමෙන් පවත්වා ගෙන සමාජයට බරක් නොවන දේශයට ,දෙමව්පියන් ගුරුවරුන් හා වැඩිහිටියන්ට ගරු කරන යහපත් පුරවැසියෙක් විය යුතු බව පැවසිය.
නායකත්වයේ සුවිශේෂී කැපවීම විදුහලේ දියුණුව තුලින් මැනවින් පිලිඹිබු වන බවත් ,ප්‍රාග්ධන වත්කම් මිලදී ගැනීමට නොහැකි මෙවන් අවස්ථාවක වුව ද පවතින සම්පත් වලින් කැප්පිටිය විදුහලේ දරුවන් ට අවශ්‍ය නුතන තාක්ෂණ දැනුම ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් ලබා දීම ට කටයුතු කරන ලෙස පළාත් අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය යොමු කල ගමගේ ආණ්ඩුකාරවරයා ආගම , සමාජය සහ සංස්කෘතිය වැනි අගනාකම් මෙන්ම පරිසරය , ගහකොළ ,වටපිටාව වැනි වටිනාකම් පිලිබදව දරුවන්ට කියා දීම හා ඒවා සංවර්ධනය කිරීම අත්‍යාවශ්‍ය බවත් අවධාරණය කළේය.
නව අධ්‍යයන වර්ෂය සදහා පෙළපොත් සහ නිල ඇදුම් බෙදා දීමෙන් අනතුරුව පාසල වෙනුවෙන් විද්‍යාලයේ ආදී ශිෂ්‍ය නිව්සිටි ව්‍යාපාර අධිපති ජුනයිඩ් ඉර්ෆානා මහතා ගේ මුල්‍ය ධන පරිත්‍යාගයෙන් ඉදි කොට සිසු අයිතියට පවරා දුන් දෙමහල් ගොඩනැගිල්ල නිරීක්ෂණය කිරීමට එක්වූ ආණ්ඩුකාරවරයා , එවන් ආදී ශිෂ්‍යයන්ගේ දායකත්වය ඉතා ඉහලින් අගය කළේය.
1995.08 10 දින ආරම්භ කළ මෙම විද්‍යාලයේ අද වන විට දරුවන් 518 දෙනෙකු 01 සිට 13 ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු සපුරා ගන්නා අතර අවසන් අධ්‍යයන වර්ෂයේ දී සාමාන්‍ය ප්‍රතිඵල 80 % ක සහ උසස් පෙළ 100% ක ඉහල ප්‍රතිශතයක් වාර්තා කිරීමට සමත් විය.
උත්සවයට ප්‍රධාන ආරාධිතයා සහභාගී වීම වෙනුවෙන් එම විදුහලේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඒ.එස් අර් ෆින් ශිෂ්‍යයාව පැන්සලෙන් සිතුවම් කල එතුමාගේ සේයාරුව තිලිනයක් ලෙස පිළිගන්වනු ලැබිය.
මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස, ගලේවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එම්. එස්.එම් වීරසුන්දර , මුස්ලිම් අධ්‍යාපන භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ජි. හැරිස් යන ,මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිත පිරිසක් සහභාගී විය.