සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

වර්ජන වලින් අහිමි වන දරුවන් ගේ අධ්‍යයන පැය ගණනේ හානිය මැනිය හැකි ද - පළාත් ආණ්ඩුකාර නිතීඥ ලලිත් යු ගමගේ මහතා.

වර්ජන වලින් අහිමි වන දරුවන් ගේ අධ්‍යයන පැය ගණනේ හානිය මැනිය හැකි ද - පළාත් ආණ්ඩුකාර නිතීඥ ලලිත් යු ගමගේ මහතා.

වර්ජන වලින් අහිමි වන දරුවන් ගේ අධ්‍යයන පැය ගණනේ හානිය මැනිය හැකි ද - පළාත් ආණ්ඩුකාර නිතීඥ ලලිත් යු ගමගේ මහතා. සිය වෘත්තීය අයිතීන් වලට මුවාවී ලෝකයාගේම වන්දනාවට , ගෞරවයට පාත්‍රවන ගුරු සේවයේ වගකීම සහ වගවීම අමතක නොකළ යුතු බවත්, පාසල් කාල සිමාවේ දී වර්ජනයන් හි නිරත වීමෙන් වන හානිය පාඩුව මැනිය හැකි වුවත් , දරුවන්ට අධ්‍යයන කටයුතු අහිමි කරවීමෙන් වන හානිය ගණනය කල නොහැකි බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යු ගමගේ මහතා ගලේවෙල දී පැවසිය. පසුගියදා දිඹුල්ගස්කොටුව ප්‍රාථමික විද්‍යාලයේ එළිමහන් රංග පිඨයේ දී පැවති ශිෂ්‍යත්ව ප්‍රතිභා ප්‍රණාම උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූ ආණ්ඩුකාරවරයා වැඩි දුරටත් අදහස් දක්වමින්, පාසල් කාලය තුල නිසි ලෙස අධ්‍යාපනය ලබා දීම අත්‍යාවශ්‍ය බවත් , දීර්ඝ කාලයක් පුරා ඉතා ගෞරවාන්විත සේවාවක් වූ ජාතියට ,දේශයට අවශ්‍ය වියතුන් , උගතුන් ,නායකයන් මෙන් ම මානවවාදී , සංවේදී මිනිසුන් තැනීමේ මහා යුග මෙහෙවරක නිරත වූ ගුරු ප්‍රජාව සදා වන්දනීය බවත් පැවසිය. නගරයේ ඉතා ජනප්‍රිය පාසලකත් , ඈත ගම්බද අඩු පහසුකම් සහිත පාසලකත් සේවයේ නිරත ගුරු ප්‍රජාව සමාන අධ්‍යාපන සුදුසුකම් සපුරා ඇති පිරිසක් බවත්, ඔවුන් විධිමත් පුහුණුවකින් සහ අත්දැකීමෙන් පිරිපුන් බැවින් ගම නගරය ලෙස වෙනසකින් තොරව සමාන සේවාවක් ලබා දිය යුතු බව පෙන්වා දුන් ගමගේ ආණ්ඩුකාරවරයා , දරුවන් වෙත ඒවා බෙදා දීමේ ක්‍රමවේදයේ සහ ග්‍රාහනය කරවීමට යොදා ගන්නා භාවිතයන් හි විවීධත්වය අවසන් ප්‍රතිඵලයට ප්‍රබල ලෙස බලපෑමක් වන බවත් පෙන්වා දෙනු ලැබිය. ගලේවෙල කලාපය ඉහල ප්‍රාථමික අධ්‍යාපන ප්‍රතිඵලයක් සාධනය කර ගනු ලැබුව ද සාමන්‍ය සහ උසස් පෙළ අධ්‍යයනය ට වයඹ සහ උතුරුමැද පළාත් පාසල් කරා යොමු වීම පළාතේ අධ්‍යාපන ප්‍රතිඵල ප්‍රතිශතය ඉහල මට්ටමකට ගෙන ඒමට හේතුවන් කරුණක් බව පෙන්වාදුන් ආණ්ඩුකාරවරයා, ප්‍රාථමික අධ්‍යාපනයෙන් ද්විතියික සහ උසස් අධ්‍යාපනයට යොමු වන දරුවන් මෙම කලාපයේ ම රදවා ගැනීමට ඇති හැකියාව සොයා බලන ලෙස ද අධ්‍යාපන බලධාරීන් වෙත දැන්විය. ප්‍රණාම උළෙලට සමගාමිව පාසලේ විශේෂ ක්‍රියාකාරකම් ඒකකය පළාත් ආණ්ඩුකාරවරයා අතින් සිසු අයිතියට පැවරිනි. මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් 100% සමත් ප්‍රතිපල වාර්තා කිරීමට සමත් වූ අතර එය ගල්වෙලා කලාපයේ සමස්ත හොදම ප්‍රතිඵලය ලෙස වාර්තා වේ. 1980 ජනවාරි 16 දින දරුවන් 45 දෙනෙකුගෙන් සහා ගුරුවරුන් 03 දෙනෙකුගෙන් ආරම්භ වූ මෙම විදුහලේ අද වන විට සිසුන් 176 දෙනෙකු ශිල්ප හදාරන අතර ගුරුවරුන් 13 දෙනෙකු සේවයේ නිරත වේ. පාසල් භුමිය පිහිටි ඉඩම නියමානුකුල කර දෙන ලෙස විදුහල්පති ඇතුළු පාසල් ප්‍රජාවගෙන් ලද ඉල්ලීමට ද ඉතා කඩිනමින් විසදුම් ලබා දීමට කටයුතු කරනු ලබන බවට ආණ්ඩුකාරවරයා පොරොන්දු විය. මෙම ප්‍රතිභා ප්‍රණාම උළෙල දරුවන් ගේ ගායන හා නර්තන වලින් විචිත්‍රවත් වූ අතර . මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩි නිමලසිරි , පළාත් ප්‍රධාන සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් අධ්‍යක්ෂ අමරසිරි පියදාස , කලාප අධ්‍යක්ෂ එම්.එස්. එම් වීරසුරිය යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් සහ විදුහල්පති කුලතුංග අධිකාරි මහතාගේ මෙහෙයවීමෙන් පැවැත්විණි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook