සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

පළමු ශ්‍රේණිය ට දරුවන් ඇතුලත් කර ගැනීමේ මධ්‍යම පළාත් වැඩසටහන.

පළමු ශ්‍රේණිය ට දරුවන් ඇතුලත් කර ගැනීමේ මධ්‍යම පළාත් වැඩසටහන.

පළමු ශ්‍රේණිය ට දරුවන් ඇතුලත් කර ගැනීමේ මධ්‍යම පළාත් වැඩසටහන. 2023 වර්ෂය වෙනුවන් පාසල් සඳහා පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කරගැනීමේ මධ්‍යම පළාත් වැඩසටහන “පාසල් අධ්‍යාපනයට ප්‍රීතිමත් ආරම්භයක්” යන මැයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා ගේ ප්‍රධානත්වයෙන් මහනුවර සිල්වෙස්තර විදුහලේ දී 28 දින සිදු කෙරිණ. මෙහිදී අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා , දරුවන්ගේ අධ්‍යාපනය එක පැයක් අහිමි වුවහොත් ඒ අහිමි වූ කාලයේ වටිනාකම අද නොවේ වසර ගණනාවක් ගොස් එය සමාජයට දැනෙන බවත්,එලෙස සිදු වුවහොත් එය ජාතියේම අවාසනාවක් බව පැවසීය. ගුරුවෘත්තිය වෘත්තියක් නොව සේවාවක් බවට පත් විය යුතු බවත් දරුවන් යහමගට ගැනීමේ පදනම ගොඩනැගීම ගුරු සේවාවේ ප්‍රමුඛම අර්ථය විය යුතු බවත් පැවසීය.ගුරුවරයා ගේ රාජකාරි වගකීම් සහගත බව අද ප්‍රශ්නකාරී තත්වයකට පත්ව ඇති බවත් එය ගුරුවරුන් තම ක්‍රියාවෙන්ම සකස් කරගත යුතු අංගයක් බවත් කීය. අතීතයේ පැවති ගුරු සේවය අද ට ගෙන ඒම ගුරුවරයා සතු වගකීමක් වන බව ද ඒ මහතා වැඩිදුරටත් මෙහිදී පෙන්වා දෙන ලදී. මෙහිදී පළමු ශ්‍රේණිය සදහා ළමුන් 160 දෙනෙකු ඇතුලත් කර ගැනීම සිදු විය. විද්‍යාලයේ විදුහල්පති අසේල රවීන්ද්‍ර මහතාගේ උපදෙස් මත සංවිධානය කරනු ලැබූ මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, අධ්‍යාපන අමාත‍යාංශ යේ ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස, මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අන්ඳරගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook