සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

අන්තර් පළාත් වෙළඳ ප්‍රවර්ධන වැඩසටහන.

අන්තර් පළාත් වෙළඳ ප්‍රවර්ධන වැඩසටහන.

අන්තර් පළාත් වෙළඳ ප්‍රවර්ධන වැඩසටහන (මධ්‍යම පළාත සහ නැගෙනහිර පළාත) 2023 වර්ෂයේ වාර්ෂික ක්‍රියාත්මක සැලැස්මකට අනුව අන්තර් පළාත් වෙළද ප්‍රවර්ධන වැඩසටහන යටතේ මධ්‍යම පළාතේ ව්‍යවසායකයින් විසි දෙදෙනෙකු නැගෙනහිර පළාතේ පැවති වෙළඳ ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා සහභාගී කරවන ලදී. GIZ sri lanka ආයතනයේ විසින් ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණු වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය, Nucleus පදනම, නැගෙනහිර පළාත් සභාව , ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව මෙම වසරේ ජාත්‍යන්තර කාන්තා දිනය තේමා වන "Digital G equality and technology "සඳහා නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ලෙස 2003 මාර්තු 23 දින ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී මෙම වැඩසටහන පවත්වන ලදී. ආර්ථික සහයෝගීතා සහ සංවර්ධනය සඳහා ෆෙඩරල් අමාත්‍යංශය (BMZ)සහ සංක්‍රමණය සඳහා වූ ස්විස්ටර්ලන්ත ප්‍රාන්ත ලේකම් කාර්යාලය (SEM )විසින් අනුග්‍රහය දක්වන ලද මෙම උත්සවය ව්‍යවසායකත්වය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනය, රැකියා අවස්තා සහ ශ්‍රම බළකායේ කාන්තාවන් දිරිමත් කිරීම මගින් තාක්ෂණ ක්ෂේත්‍රයේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම අරමුණු විය. මේ සඳහා සහභාගි වන්නන් තාක්ෂණයේ සහ නවෝත්පාදනයේ නවතම ප්‍රවණතා පිළිබඳ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමග අන්තර් ක්‍රියාකාරී සැසි, සාකච්ඡා සහ ජාලකරණ අවස්ථා පවත්වන ලදී.මෙම ප්‍රදර්ශන භූමියේ වෙළෙඳ කුටි 75 ස්ථාපිතව තිබූ අතර වෘත්තීය මාර්ගෝපදේශනය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ බඳවාගැනීම්,තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පුහුණුව, වෘත්තිය පුහුණුව, ටෙලිකොම් සමාගම සම්බන්ධ තොරතුරු, සඳහා කාන්තා ව්‍යවසායකයින් හා ආහාර ඇතුළු පුළුල් පරාසයක කුටි ප්‍රදර්ශනය කරනු ලැබූහ. එම වෙළෙඳ කුටි අතරින් මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය හා කටයුතු කරනු ලබන ව්‍යවසායකයින් විසි දෙදෙනෙකු සඳහා පහසුකම් සපයන ලද අතර වෙළඳ හුවමාරු වැඩසටහන් මගින් විවිධ ප්‍රදේශවල ව්‍යවසායකයින් අතර දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමේ සහ ජාල ගත කිරීමේ අවස්ථාව සඳහා ඉඩ සැලසිණි. එමෙන්ම මධ්‍යම පළාතෙන් සහභාගීවූ ව්‍යවසායකයින්ගෙන් නිෂ්පාදන අලෙවි කර ගැනීමේ අවස්ථාවක් ද හිමි වූ අතර ඔවුන්ගේ නිෂ්පාදන සඳහා ඇනවුම් ලබා ගැනීම සඳහා අවස්ථාව ද හිමිවිය. මීට අමතරව මධ්‍යම කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ කළමනාකාරිත්වයෙන් පවත්වාගෙන යනු ලබන මාතලේ හෝටල් පාසල හා ගැටඹේ තොරතුරු තාක්ෂණ පුහුණු ආයතනය පිළිබඳ පුළුල්ව දැනුවත් කිරීමටද අවස්ථාව හිමි විය. එමෙන්ම මෙම අවස්ථාවට සහභාගි වූ සම්භාවනීය අමුත්තන් ලෙස නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරල මහතා, නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ආර්. එම්.පී. එස්. රත්නායක මහතා, දිස්ත්‍රික් ලේකම් බී. එච්. එන්. ජයවික්‍රම මහතා, සහ මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ එච්.එම් .එම් .යූ.බී. හේරත් මහතා සහභාගී විය. 2023.03.24 දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා කුඩා ව්‍යාපාර අංශය විසින් සංවිධානය කරන ලද ක්ෂේත්‍ර චාරිකාවක් සඳහා සහභාගී වූ අතර එහිදී නැගෙනහිර පළාතට ආවේණික නිෂ්පාදන මෙන්ම එම පළාතේ සෞභාග්‍යයා ගම්මාන යටතේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති කිහිපයක් නිරීක්ෂණය කිරීමේ අවස්ථාව හිමිවිය. ඒ අනුව යෝගට් නිෂ්පාදනය, සපත්තු නිෂ්පාදනය, කිරි ආශ්‍රිත නිෂ්පාදන , රටකජු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන, තල කොල ආශ්‍රිත නිෂ්පාදන සිදු කරනු නිරීක්ෂණයට හැකියාව ලැබුණි. වෙළඳ ප්‍රවර්ධනය ට අමතරව සංහිඳියාව ගොඩනැගීමේ මහඟු අවස්ථාවක් ලැබුණු මෙම දින තුනෙහි වැඩසටහ

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook