
මධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වාර්ෂිකව සංවිධානය කරනු ලැබූ නැවුම් කිරි දන්සැල
ශ්‍රී බුද්ධ වර්ෂ 2567 වන වෙසක් දිනය නිමිත්තෙන් “අවිදු අඳුර දුරලමු සිපිරි වෙසක් සමරමු” යන තේමාව මුල් කර ගනිමින් පැවැත්වෙන මෙවර වෙසක් මංගල්‍යය වෙනුවෙන් මධ්‍යම පළාත් සභාව මුලිකව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු සියලු රාජ්‍ය ආයතන සහ සංවිධාන එක් ව සංවිධානය කරනු ලබන සෙංකඩගල වෙසක් කලාපයේ පොහෝ දින වැඩසටහන් අද පෙරවරුවේ සිට ක්‍රියාත්මක විය.
ගන්නොරුව කලාපයේ දී මධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වාර්ෂිකව සංවිධානය කරනු ලැබූ නැවුම් කිරි දන්සැල 9 වන වතාවටත් සංවිධානය විය. එම දන්සැල මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යු ගමගේ මහතා ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙණි. පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් විල්සන් දයානන්ද මහතා ඇතුළු නිලධාරින් පිරිසක් එක්විය. පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය පළාත් අධ්‍යක්ෂ වෛද්‍ය කුමුදුනි රාජනායක මහත්මියගේ උපදෙස් පරිදි රාජ්‍ය හා පුද්ගලික ආයතන වල සහයෝගීත්වයෙන් මෙම දන්සැල ගැටබේ සත්ව රෝහල ඉදිරිපිට දී පැවැත්විණි.