
තෙල්දෙණිය, ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් නැවතුම් පොළ පිටුපස ඇති සාප්පු සංකීර්ණයේ කඩ කාමර වෙන් කර දීම සම්බන්ධයෙන් සාකච්ඡාවක්
තෙල්දෙණිය, ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් නැවතුම් පොළ පිටුපස ඇති සාප්පු සංකීර්ණයේ කඩ කාමර වෙන් කර දීම සම්බන්ධ ගැටලුව විසඳාලීමේ අවස්ථාව දැන් උදාවී තිබෙන බවත්, ඒ සඳහා අධිකරණ සහ බන්ධනාගාර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා සිදු කළ මැදිහත්වීම අතිශය වැදගත් බවත්, ඉන් තෙල්දෙණිය නගරය කෙරෙහි වන ජන ආකර්ෂණය වැඩි දියුණුවන බවත්මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා පවස යි.
ආණ්ඩුකාර ගමගේ මහතා මේ අදහස් පළ කළේ උක්ත ගැටලුවට විසඳුමක් ලබා දීමේ අරමුණ සහිත ව පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටවූ විමර්ශන කමිටුවේ වාර්තාව ප්‍රකාශයට පත් කිරීම හා එහි සඳහන් කරුණු තවදුරටත් හඳුනා ගෙන උචිත තීන්දුවකට එළැඹීම වෙනුවෙන් පසුගියදා (06)පෙරවරුවේ පළාත් ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැති සාකච්ඡාවක මුලසුන දරමිනි.
මෙම ස්වාධීන විමර්ශන කමිටුවේ කාර්යභාරය පැසසුම් කටයුතු බව ද, ලේඛනගත සාක්ෂි මත ම සිය නිරීක්ෂණ හා නිර්දේශ ඉදිරිපත් කිරීම තර්කානුකූල වන බව ද ආණ්ඩුකාර ගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.
රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා අවධාරණය කළේ වසර ගණනාවක් තිස්සේ නො විසඳි පවතින මෙම ගැටලුව මේ මොහොතේ දී හෝ විසඳාලීම තුළින් තෙල්දෙණිය නගරයේ පහසුකම් ඉහළ යන බවත්, ඊට වෙළෙඳ ප්‍රජාවේ දායකත්වය ඵලදායී වන බවත් ය.
විමර්ශන වාර්තාවේ දී නිසි හිමිකාරිත්වය තහවුරු කර ගැනුනේ කඩ කාමර ඉල්ලුම් කරුවන් 17 දෙනෙකු සඳහා පමණි. ඔවුනට කඩ කාමර ලබා දීමට තීරණය කෙරිණි.මොවුන් ඇතුළු 21 දෙනෙකු මැදදුම්බර ප්‍රාදේශීය සභාව සමඟ කඩ කාමර ලබා ගැනීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ ඇත. තහවුරු නොවූ ඉල්ලුම් කරුවන් 04 දෙනා සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට ද තීරණය කෙරිණි. ඊට විධිමත් ටෙන්ඩර් පටිපාටි අනුගමනය කළ යුතු බවත් කියැවිණි. කඩ කාමර ලබා ගැනීම පිණිස මුදල් ගෙවූ සෙසු ඉල්ලුම් කරුවනට පොලී සමඟ එම මුදල් ආපසු ගෙවීමට ද තීරණයක් ගන්නා ලදී. සාප්පු සංකීර්ණයේ ඉදිරි කටයුතු විධිමත්ව හා නීත්‍යානුකූලව සිදුකරලීම වෙනුවෙන් පළාත් පාලන කොමසාරිස්ගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් ද මෙහිදී පිහිටුවා ගැනුනි.
සාකච්ඡාව සඳහා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන, පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ජගත් අධිකාරි , පළාත් පාලන කොමසාරිස් මේනක හේරත්, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර ලේකම් ඉනෝදිනි තඹවිට හා මැදදුම්බර ප්‍රාදේශීය සභා ලේකම් චාමින්දි අමදෝරු යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ. එසේම මහවැලි අධිකාරිය ඇතුළු මෙයට සම්බන්ධ රාජ්‍ය ආයතන කිහිපයක නිලධාරීන් පිරිසක් ද සාකච්ඡාවට සම්බන්ධ වී සිටියහ.