සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

 'ප්‍රණාම 2022' ඇගයීමේ උළෙල.

'ප්‍රණාම 2022' ඇගයීමේ උළෙල.

මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය විසින් සංවිධානය කරනු ලැබූ 'ප්‍රණාම 2022' ඇගයීමේ උළෙල මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (12) කළමනාකරණ සංවර්ධන ඒකකයේ දී පැවැත්විණ. සැසිවාර දෙකකින් පැවැත්වූ මෙම වැඩසටහනේ පළමු සැසිවාරයේදී ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ උපදේශක, පරිපාලන සේවය විශ්‍රාමික සුජාන් නානායක්කාර මහතා ස්වයං කළමනාකරණය (self management) හා නායකත්වය පිළිබඳ දේශනයක්ද පැවැත්වීය.රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය නිලධාරීන් වෙත විවිධ විශේෂය ක්ෂේත්‍ර යටතේ ස්වේච්ඡා පුහුණු වැඩමුළු පැවැත්වූ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සම්පත්දායකයින් අගයමින් ඔවුන්ට ප්‍රශංසා සහතික පත් පිරිනැමීය.මෙහිදී රුපියල් මිලියන හතරක් වටිනා වැඩසටහන් සියයක් සම්පත් දායකයින්ගේ ස්ව කැමැත්ත මත මෙහෙයවූ අතර මෙහිදී ස්වෙච්ඡා සම්පත්දායකයින් 60 දෙනෙකු වෙනුවෙන් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා අතින් ප්‍රශංසා සහතිකපත් පිරිනැමිණ. මෙහිදී රාජරත්න මහතා රටක ආර්ථික අර්බුදයක් පවතින දුෂ්කර අවස්ථාවක රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව හා ඵලදායිතාව ඉහළ නැංවීමේ අරමුණින් ස්වේච්ඡා ශ්‍රම දායකත්වය ලබාදෙමින් නිලධාරීන් පුහුණු කිරීම කළ සම්පත්දායකයින්ගේ මෙහෙය අගය කළේය. එසේම දෙවන සැසිවාරයේදී ජෝන් කීල්ස් ආයතනයේ ප්‍රධාන කළමනාකරු අශෝක චන්ද්‍රසේකර මහතා ඇතුළු සම්පත්දායක නිලධාරීන් විසින් සුහුරු තාක්ෂණය භාවිතය සම්බන්ධයෙන් න්‍යායාත්මක හා ප්‍රායෝගික කාරණාවන් ඇතුළත් දේශනයක් පැවැත්වීය. මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් උපාලි රණවක මහතා, සභා ලේකම්තුමිය, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂිකා හා ස්වෙච්ඡා සම්පත් දායකයින් ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook