සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

18 වංගුව මාර්ගයේ සිතුවම් ප්‍රතිනිර්මාණ කටයුතු ඇරැඹේ.

18 වංගුව මාර්ගයේ සිතුවම් ප්‍රතිනිර්මාණ කටයුතු ඇරැඹේ.

මහනුවර මයියංගනය මාර්ගයේ ඉදි කොට අති විශාල බැමි මත අඳින ලද විනාශ වී ඇති සිතුවම් නැවත ප්‍රතිනිර්මාණය කිරීමේ මූලික වැඩ පිළිවෙළ පසුගියදා (16) පෙරවරුවේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය . මෙම සිතුවම් නිර්මාණය තුලින් ප්‍රදේශයේ සංචාරක හා පාරිසරික වටිනාකම් පිලිබද දෙස් විදෙස් සංචාරකයන් දැනුවත් කිරිම අරමුනු කෙරේ. මෙම ප්‍රති සිතුවම් ව්‍යාපෘතිය සඳහා වන අනුග්‍රහය දක්වනු ලබන්නේ pentium 2000 පුද්ගලික සමාගමයි .එම ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක ජගත් දිසානායක මහතා විසින් මීට ඉහත ද මෙම සිතුවම් කරන වැඩසටහන ට අනුග්‍රහය දක්වනු ලැබීය .ප්‍රතිනිර්මාණිත කටයුතු මුල පුරමින් ආණ්ඩුකාරවරයා අවධාරණය කළේ මෙලෙස විනාශ වී ඇති සිතුවම් නැවත ප්‍රතිනිර්මාණය කළ යුතු බවත් එය පලාතේ සියලු ප්‍රදේශ කරා ද ව්‍යාප්ත කල යුතු බවය. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ බන්ඩාර pentium පුද්ගලික සමාගමේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.මිනිපේ ප්‍රාදේශීය සභාව මෙම ව්‍යාපෘතිය මෙහෙයවනු ලබයි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook