
මහවැලි ගංගාවට අපජලය මිශ්‍රවීම පිළිබදව ජනමාධ්‍ය මගින් කරන ලද හෙළිදරව්වකට කඩිනමින් ප්‍රතිචාර දක්වමින්.
මහවැලි ගංගාවට අපජලය මිශ්‍රවීම පිළිබදව ජනමාධ්‍ය මගින් කරන ලද හෙළිදරව්වකට කඩිනමින් ප්‍රතිචාර දක්වමින් එම ස්ථානයන් නිරීක්ෂණය කිරීම හා ඒ සදහා කඩිනමින් විසදුම් ලබාදීම වෙනුවෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා කුණ්ඩසාලේ දුම්බර බන්ධනාගාරයේ එම ස්ථානයන් පිළිබඳ පසුගියදා නිරීක්ෂණයක නිරත විය.
එහිදී එම හෙළිදරව්ව පිළිබදව නිරවද්‍යතාවයන් හා ප්‍රදේශයේ ජනතාව මුහුණදෙන අපහසුතා පිළිබදව කරුණු ප්‍රදේශවාසින් සමග සාකච්ජා කළ අතර , ජාතික ජල පද්ධතියට සිදුවන හානිය වලක්වා ගැනීම වෙනුවෙන් අක්‍රමවත්ව සිදු කරන අප ජල බැහැරකිරීම් නවතාලීමට කඩිනමින් පියවර ගැනීම සදහා දුම්බර බන්ධනාගාර පාලන අධිකාරිය වෙත උපදෙස් ලබාදීම ද මෙහිදී සිදු කරන ලද අතර මාස දෙකක් තුළ මෙම ගැටලුව සදහා විසදුම් ලබාදෙන ලෙස ආණ්ඩුකාරවරයා වෙත දන්වන ලදී.
මෙම අවස්ථාව සදහා කුණ්ඩසාලේ ප්‍රාදේශය සභාවේ හිටපු සභාපති රන්ජර අක්මීමන , ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , පළාත් පාලන සහකාර කොමසාරිස් (මහනුවර) නිලුකා බුලත්ගේ , කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් සමන්ති නාගහතැන්න , පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර , බෝගම්බර බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරි (දුම්බර) සමන්ත අලහකෝන් , ජලාප්‍රවාහන හා ජලසම්පාදන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි ජේ.එච්.මීගොඩ, කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ ලේකම් එම්.ආතාවුද යන මහත්ම මහත්මීන් ඇතුළු ආරක්ෂක අංශ , සෞබ්‍යය අංශයන් හා ප්‍රදේශවාසින් විශාල පිරිසක් එක්ව සිටියහ.