සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් අත්‍යාවශ්‍ය කටයුතු කඩිනමින් ඉටු කිරීම සදහා අදාළ රාජ්‍ය ආයතන වෙත උපදෙස්.

ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් අත්‍යාවශ්‍ය කටයුතු කඩිනමින් ඉටු කිරීම සදහා අදාළ රාජ්‍ය ආයතන වෙත උපදෙස්.

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ හා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොට්ටෙගොඩ යන සම සභාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා (22 දින) මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණ. මෙහිදී දිස්ත්‍රික්කයේ ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් අත්‍යාවශ්‍ය කටයුතු කඩිනමින් ඉටු කිරීම සදහා අදාළ රාජ්‍ය ආයතන වෙත උපදෙස් ලබාදීම සිදු විය. අරමුදල් වෙන්කරන ලද ව්‍යාපෘති හතක් මාතලේ දිස්ත්‍රික්කය තුළ මේ වනවිට ක්‍රියාත්මක වන අතර ,සමෘද්ධි වැඩසටහන් යටතේ අසරණ පවුල සදහා නිවාස හයක් ඉදිකිරීමටද සැලසුම කර පවතී. කාලින ව්‍යාප්තවන ඩෙංගු උවදුර තුරන් කිරීම සදහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ සදහා සියලුම රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතනයන්හි දායකත්වය ලබා ගනිමින් දැනුවත් කිරීම් ,ශ්‍රමදාන ,ඩෙංගු පරික්ෂාව , නීතිමය කටයුතු ක්‍රියාත්මක කිරීම ආදී වූ පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සෞබ්‍යය අංශ දන්වන ලදී. පළාත් සභා ප්‍රාග්ධන ආයෝජන වැඩසටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කය වෙනුවෙන් ව්‍යාපෘති 300 ක් පළාත් අමාත්‍යංශ පහක් යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත අතර මේ වන විට ව්‍යාපෘති 47ක් අවසන්ව ඇත. මෙම සංවර්ධන කමිටු රැස්වීම සදහා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කවිරත්න , මධ්‍යම පළාත් සභාවේ සභාපති නිමලසිරි , මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ , මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් , මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන , කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.දයානන්ද, මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න , නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම් )කේ.ජි.එස්.නිශ්ශංක යන මහත්ම මහත්මීන් ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානින් , ප්‍රාදේශීය ලේකම්වරුන් ,ආරක්ෂක අංශ , පළාත් පලාන ආයතන ප්‍රධානින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook