
මහනුවර ඩෙංගු අවධානම් කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ.
මහනුවර ඩෙංගු අවධානම් කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ.
මහනුවර දිස්ත්‍රික්කය ඩෙංගු අධි අවධානම් කලාපයක් ලෙස නම් කළ බව ප්‍රාදේශීය වසංගත රෝග වේදඥ වෛද්‍ය ක්‍රිශාන්ත මාසාරච්චි මහතා පවසයි. රෝගය වැලදීමෙන් මේ වන විට මහනුවර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු මරණ 3ක් වාර්තා වී ඇති බවද ඔහු වැඩි දුරටත් පැවසුවේය. වසංගත රෝග වේදඥවරයා මේ බව පැවසුවේ මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 23) මහනුවර දිස්ත්‍රික් ලේකම් ශ්‍රවනාගාරයේ පැවති මහනුවර දිස්ත්‍රික් ඩෙංගු මර්ධන කම්ටු රැස්වීමේදීය.
මේ වන විට ශ්‍රී ලංකාවේ ම ඩෙංගු රෝගීන් 36,170 වාර්තා වන බව පැවසූ වෛද්‍ය ක්‍රිශාන්ත මාසාරච්චි මහතා එයින් රෝගීන් 1822ක් මහනුවර දිස්ත්‍රික්කයට අයත් බවත්, එය සමස්ත ඩෙංගු රෝගීන්ගේ ප්‍රතිශතයෙන් සියයට 5ක ප්‍රමාණයක් බවත් පෙන්වා දෙන ලදී.
ඩෙංගු රෝගය නිසා මහනුවරින් වැඩිම අවධානමකට ලක් ව ඇත්තේ මහනුවර නාගරික සීමාවේ තිබෙන පාසල් දරුවන් බවත් , ආගමික ස්ථාන හා ඉදිකිරීම් ස්ථාන වල බව වැඩිවශයෙන් ඩෙංගු කීටයන් හමුවීමේ ප්‍රවනතාවයක් දැකගත හැකි බව පෙන්වා දුන් වසංගත රෝග වේදඥවරයා කොන්ක්‍රීට් ස්ලැබ් වලට අමතරව වතුර එක්රැස් කරන ටැංකි වලින් කී ටයන් හමු වන බවද පැවසුවේය. එසේම පසුගිය වසරට වඩා මෙම වසරේ ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් සිදු විය හැකි බව ද පෙන්වා දෙන ලදී.
මහනුවර දිස්ත්‍රික්කයේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ මහනුවර නාගරික සීමාවේ බව පැවසූ වෛද්‍යවරයා පූජාපිටිය, ගම්පොල, හාරිස්පත්තුව යන ප්‍රද්ශවලද ඩෙංගු රෝගින් සංඛ්‍යව වැඩිවෙමින් පවතින බවද කමිටුවට වෙත දැනුම් දෙන ලදී.
ඩෙංගු රෝගය මර්ධනය කිරීම සදහා රජය මගින් ගත හැකි සියළුම ක්‍රියා මාර්ග ගනිමින් සිටින බව පැවසූ වෛද්‍යවරයා මහජනතාවද ඩෙංගු මර්ධනය සදහා සක්‍රියව දායක විය යුතු බව පැවසුවේය. මෙහිදී අදහස් දක්වමින් ගරු ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කලේ ඩෙංගු මර්ධනය සඳහා ප්‍රාදේශීය හා ග්‍රාමීය ඩෙංගු කමිටු ශක්තිමත් කරමුන් පාසල් දරුවන්ද දැනුවත් කරමින් විධිමත් ක්‍රියාමාර්ග ගතයුතු බවය .
මෙම අවස්ථාව සදහා මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා ඇතුළු රජයේ නිලධාරින් රැසක් සහභාගී වූහ.