සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මල්වතු -  අස්ගිරි මහා විහාරයීය උපසම්පදා අපේක්ෂිත භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් එක්දින පුහුණු වැඩමුළුවක්.

මල්වතු - අස්ගිරි මහා විහාරයීය උපසම්පදා අපේක්ෂිත භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් එක්දින පුහුණු වැඩමුළුවක්.

මල්වතු - අස්ගිරි මහා විහාරයීය උපසම්පදා අපේක්ෂිත භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් එක්දින පුහුණු වැඩමුළුවක්. මල්වතු මහා විහාරයීය හා අස්ගිරි මහා විහාරයීය උපසම්පදා අපේක්ෂිත භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් වූ එක්දින පුහුණු වැඩමුළුවක් ඉකුත් ( 23) මහනුවර ශ්‍රී දළඳා මාළිගා පරිශ්‍රයේ බහුකාර්ය ගොඩනැඟිලි ශ්‍රවණාගාරයේදී මල්වතු- අස්ගිරි නායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ සඳහා උපසම්පදා අපේක්ෂිත භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් වැඩම කොට සිටියහ. වාර්ෂිකව පැවැත්වෙන මේ වැඩමුළුව මෙවර පැවැත්වූයේ දෙවසරකට පසුව ය. මල්වතු - අස්ගිරි මහා නායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ කාරක සංඝ සභා තීරණය යටතේ යි වැඩමුළුව සංවිධානය කෙරුණේ. මෙහිදී උපසම්පදා අපේක්ෂිත භික්ෂූන් වහන්සේ වෙත ඒ ඒ මඟ පෙන්වීම්, විනය කර්ම කටයුතු, ආචාර ධර්ම , ඇවතුම් පැවතුම් සම්බන්ධයෙන් පුළුල් දැනුමක් ලබා දෙනු ලැබී ය. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා ද, ශ්‍රී දළඳා මාළිගයේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා හා බස්නායක නිලමේවරු ද , මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා ද වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook