සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

ගම්පොල අධ්‍යාපන කලාපයේ පවතින අධ්‍යාපන ගැටලු විසදිම සදහා විශේෂ අවධානය.

ගම්පොල අධ්‍යාපන කලාපයේ පවතින අධ්‍යාපන ගැටලු විසදිම සදහා විශේෂ අවධානය.

ගම්පොල අධ්‍යාපන කලාපයේ පවතින අධ්‍යාපන ගැටලු විසදිම සදහා විශේෂ අවධානය. ගම්පොල අධ්‍යාපන කලාපයේ දීර්ඝ කාලයක් තිස්සේ ගොඩ ගැසී ඇති ගුරු ගැටලු සහ පාසල් ආශ්‍රිත මානව සහ භෞතික සම්පත් වල හිගතාවයන් ඇතුළු අනෙකුත් ගැටලු සදහා තුලනාත්මකව හා ඉක්මන් හා ක්ෂණික විසඳුම් ලබාදීමේ අවශ්‍යතාවය අවධාරණය කෙරේ. දිගු කාලයක් නගරයේ පාසල් වලම සේවයේ නිරත වූ දැනුමැති ගුරුවර ගුරුවරියන් ගේ සේවය ගම්බද දරුවන් ට ද ලබා දිය යුතු බවත්, සැමට පොදු වූ ගුරු මාරු ප්‍රතිපත්තිය නිශ්චිතව ක්‍රියත්මක කිරිම සදහා වු වැඩපිළිවෙළක් ද ක්‍රියත්මක කිරිමට වඩාත් ඵලදායි විය හැකි බවත් ඒ සදහා නිසි සැලසුම් සකස් කොට ක්‍රියාවට නැංවිය යුතු බවටත් හෙළිදරව් විය .ගම්පොල අධ්‍යාපන කලාපයේ පවතින ගැටලු සදහා වන විසදුම් ලබා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා (27) ආණ්ඩුකාර කාර්යාලයේදී පවත්වනු ලැබුවේ මධ්‍යම පළාත් අණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා ප්‍රධානත්වයෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සහභාගිත්වයෙනි .මෙම සාකච්ඡා වට මධ්‍යම පලාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත් , පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස යන මහත්ම මහත්මීන් ඇතුළු අධ්‍යාපන කේෂ්ත්‍රයට අදාල නිලධාරීන් පිරිසක් එක්වීය. ගම්පොල කලාපයේ බොහෝ ද්‍රවිඩ පාසල් වල නිසි ක්‍රමවේදයකට අධ්‍යයන කටයුතු සිදු නොවන බව ද පාසල් කාල සිමාවේ දරුවන් නගර හා ගම් ආශ්‍රිතව නිදහසේ සැරි සරණ ආකාරය දැක ගත හැකි බවත් , බොහෝ පාසල් වල විෂයානුබද්ධ ඉගෙනුම් කටයුතු ඉටු කිරීම සදහා ගුරුවරුන් ගේ හිගයක් පවතින බවත් හෙළි කෙරෙනු තවත් කරුණකි.මෙහිදී ඉදිරිපත් වූ කරුණු පිළිබද අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු නිලධාරින් එක් ව අවශ්‍ය තීන්දු තීරණ ගෙන කඩිනම් පිළියම් දීමට අවශ්‍ය කටයුතු ඉටු කරන ලෙස අධ්‍යාපන බලධාරීන් ට දන්වනු ලැබිය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook