සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාතේ පවතින ජල මුලාශ්‍ර ආරක්ෂාකරමින් ජනතාවට පිරිසිදු පානිය ජල අවශ්‍යතාවය සපිරීම වෙනුවෙන් නව වැඩසටහනක්.

මධ්‍යම පළාතේ පවතින ජල මුලාශ්‍ර ආරක්ෂාකරමින් ජනතාවට පිරිසිදු පානිය ජල අවශ්‍යතාවය සපිරීම වෙනුවෙන් නව වැඩසටහනක්.

මධ්‍යම පළාතේ පවතින ජල මුලාශ්‍ර ආරක්ෂාකරමින් ජනතාවට පිරිසිදු පානිය ජල අවශ්‍යතාවය සපිරීම වෙනුවෙන් නව වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ. එම වැඩසටහනට සමගාමිව පළාත තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත ජල මුලාශ්‍ර සංරක්ෂණ වැඩසටහන සදහා සකස් කරන ලද අතුරු ව්‍යවස්ථාව පිළිබදව පළාත් පාලන ආයතන ප්‍රධානින් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා පල්ලෙකැලේ පළාත් සභා ශ්‍රවණාගාරයේදී පවත් වන ලදී. මධ්‍යම පළාත් පලාත්පාලන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනේ සම්පත්දයකත්වය බස්නාහිර පළාතේ ප්‍රධාන නීති නිලධාරි පාලිත අබේවර්ධන මහතා විසින් ලබාදෙන ලදී. මෙම අවස්ථාව සදහා වැඩ බලන පළාත් පාලන කෝමසාරිස් ලක්මාලි අත්තනායක මහත්මිය , පළාත් පලාන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණකාධිකාරී ගැමුණු බණ්ඩාර මහතා, සහකාර පළාත් පලාන කොමසාරිස්වරුන් , පළාත් පලාන ආයතන ලේකම්වරුන් , විමර්ශන නිලධාරින් , ප්‍රජා සංවර්ධන නිලධාරින් හා විෂයභාර නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook