
මහනුවර පුෂ්පදාන සමිති සංගමය සංවිධාන කළ 119 වන මිහිදු පෙරහර අති උත්කර්ෂවත්ව මහනුවර දී වීදි සංචාරය කෙරිණ.
මහනුවර පුෂ්පදාන සමිති සංගමය සංවිධාන කළ 119 වන මිහිදු පෙරහර අති උත්කර්ෂවත්ව මහනුවර දී වීදි සංචාරය කෙරිණ.
මහනුවර පුෂ්පදාන සමිති සංගමය සංවිධාන කළ වාර්ෂික මිහිදු පෙරහැර පසුගියදා වසර 04 කට පසු මහනුවර නගරයේ වීදි සංචාරය කෙරිණ.එම සමිතිය 119 වන වරට සංවිධාන කළ මෙම පෙරහැර වීදි සංචාරයට එක්වූයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආගමිකවතාවත් වලින් අනතුරුවය.මිහිදු මහ රහතන් වහන්සේගේ පිළිරුව සහිතව අලි ඇතුන් හා දර්ශනීය නර්ථනාංගවලින් මෙම පෙරහැර සමන්විත විය.
ප්‍රධාන ආරාධිතයා වශයෙන් එම අවස්ථාවට සහභාගීවූ ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා, රජයේ මුදල් භාවිතයෙන් තොරව මෙවැනි ආගමික මංගල්‍යයන් පැවැත්වීම ආදර්ශයක් බවත් සිංහල බෞද්ධයන් පමණක් නොව සෙසු ආගමික ජන කොටස්වල ද සහයෝගය මේ අවස්ථාව සඳහා හිමිවී ඇති බව එහිදී ප්‍රකාශ කළේය.
එම සමිති සංගමයේ සභාපති වොල්ටර් රණසිංහ මහතා ඇතුලු සංගම් සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම ආගමික අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.