සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

සෙංකඩගල වෙසක් නිර්මාණ තරගාවලියේ ජයසංකේත ප්‍රදානය.

සෙංකඩගල වෙසක් නිර්මාණ තරගාවලියේ ජයසංකේත ප්‍රදානය.

සෙංකඩගල වෙසක් නිර්මාණ තරගාවලියේ ජයසංකේත ප්‍රදානය. 2023 වර්ෂයේ සෙංකඩගල වෙසක් කලාපයට සමගාමිව පාසල් හා රාජ්‍ය අංශය වෙනුවෙන් මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය , පළාත් මාධ්‍ය ඒකකය එක්ව සංවිධානය කරන ලද ඩිජිටල් වෙසක් නිර්මාණ තරගාවලියේ සහතික හා ජය සංකේත පිරිනැමීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පල්ලෙකැලේ පළාත් සභා ශ්‍රවනාගාරයේදී පසුගියදා (02) පැවැත්විණ. නැණ ගුණ පිරි හැකියාවන්ගෙන් පිරිපුන් සමාජයක් බිහිකිරීම වෙනුවෙන් අංශ තුනක් යටතේ පැවති තරගාවලියේ පාසල් හා රාජ්‍ය යන අංශයන් ගෙන් ජයග්‍රහණයන් හිමිකරගත් ජයග්‍රාහකයින් හට සහතික හා ජය සංකේත පිරිනැමීම සිදු කරන ලද අතර , ජායාරූප තරග අංශයෙන් ප්‍රථම ස්ථානය (පාසල්) ඊ. ජි. එම්. තරිදු ධනංජය වීරසිංහ, (11 ශ්‍රේණිය) මහනුවර ආදර්ශ විද්‍යාලය (තේමාව - බෞද්ධ ආගමික ස්ථාන හා ප්‍රතිපදාවන් ), ඩිජිටල් සුභ පැතුම්පත් අංශයේ ප්‍රථම ස්ථානය(පාසල්) ධම්සිණි ඇමෙන්ඩා සේනාධි ගුණවර්ධන , (10 ශ්‍රේණිය) හිල්වුඩ් බාලිකා විද්‍යාලය (තේමාව - යහගුණ පිරි සමාජයකට බෞද්ධ ආභාෂයන්), කෙටි චිත්‍රපට තරග අංශයේ ප්‍රථම ස්ථානය (පාසැල්) ගුරුදෙණිය මහා විද්‍යාලය , සුභාෂ හසරංග ජයරත්න (තේමාව - සම්බුදු තෙමගුළ) විසින් හිමිකර ගන්නා ලද අතර , ඩිජිටල් සුභ පැතුම්පත් රාජ්‍ය අංශයේ ප්‍රථම ස්ථානය පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලයේ (මහනුවර) ජේ. කේ. එන්. සි. ජයසිංහ , (සංවර්ධන නිලධාරී) විසින් හිමිකර ගන්නා ලදී. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ , ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එච්.එම්.එම්.යු.බී.හේරත් , නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් ඇතුළු ආයතන ප්‍රධානින් හා නිලධාරින් රැසක් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook