සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

බුද්ධ රශ්මි -  ජාත්‍යන්තර වෙසක් දින සඟරාව 2023’ එළි දැක්වේ.

බුද්ධ රශ්මි - ජාත්‍යන්තර වෙසක් දින සඟරාව 2023’ එළි දැක්වේ.

බුද්ධ රශ්මි - ජාත්‍යන්තර වෙසක් දින සඟරාව 2023’ එළි දැක්වේ මහනුවර බෞද්ධ හා සංස්කෘතික සංවිධානය විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන ‘බුද්ධ රශ්මි’ ජාත්‍යන්තර වෙසක් දින සඟරාවේ 2023 කලාපය පසුගිය දා මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් මහනුවර මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී එළි දැක්විණ. ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා ය. ආණ්ඩුකාර කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සමඟ මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්. දයානන්ද හා පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ජගත් අධිකාරි යන මහත්ම මහත්මීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින් පිරිසක් ද, මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන මහජන පුස්තකාල ගණනාවක පුස්තකාලයාධිපතිනියන් පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වී සිටියහ. එසේම මහනුවර බෞද්ධ සංවිධාන හා සාහිත්‍ය සංවිධාන කිහිපයක ම නියෝජිත පිරිස් ද පැමිණ සිටියහ. මෙහිදී අදහස් දක්වමින් ආණ්ඩුකාර ගමගේ මහතා පෙන්වා දුන්නේ බාල පරපුරට දේශයේ ඉතිහාසය හා බෞද්ධ සංස්කෘතිය පිළිබඳ ඉහළ අවබෝධයක් ලබා දීම අතිශයින්ම වැදගත් වන බව යි. මේ සඳහා මෙවැනි ශාස්ත්‍රීය ප්‍රකාශන ඉටු කරන මෙහෙය ඔහුගේ ඇගැයීමට ලක් විය. පළාත් පුස්තකාල සේවා මණ්ඩලය හරහා මෙය පාසල් දරුවන් අතට පත් කිරීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කළේ ය. මහනුවර බෞද්ධ හා සංස්කෘතික සංවිධානයේ සභාපති විමලසේන කළුගමගේ මහතා ද අදහස් දැක්වී ය. ‘බුද්ධ රශ්මි’ ජාත්‍යන්තර වෙසක් දින සඟරාව මෙසේ ප්‍රකාශයට පත් කෙරෙන්නේ සත් වැනි වරට යි. බෞද්ධ දර්ශනයේ එන සුවිශේෂ, සර්වකාලීන හා කාලෝචිත කරුණු කාරණා අරභයා මහා සංඝරත්නය ඇතුළු විද්වතුන් පිරිසක් විසින් සිංහල හා ඉංග්‍රීසි යන දෙබසින් ම විරචිත සාරගර්භ හා විචක්ෂණශීලී ලිපි ගණනාවකින් ම මෙවර සඟරාව ද සමන්විත ය. මේ නොමිලයේ බෙදා හරින සඟරාවකි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook