
විවිධ බෙදීම් නොකර දූ දරුවන්ට පොදුවේ දරුවන් සේ සළකා කටයුතු කළ යුතුයි . මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ.
විවිධ බෙදීම් නොකර දූ දරුවන්ට පොදුවේ දරුවන් සේ සළකා කටයුතු කළ යුතුයි .
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ.
ජනවාර්ගික, ආගමික වැනි විවිධ බෙදීම් නොකර සියලු දූ දරුවන් එක සේ සළකා කටයුතු කළ යුතු බවත් මුස්ලිම් - සිංහල නොව සියල්ල පාසල් බවත් , පාසල් භූමි රජයේ ඉඩම් වන බැවින් ඒවා පාසල් අතර ගැටුම් දක්වා වර්ධනය නොවීය යුතු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පවසයි. ඒ මහතා මෙලෙස පැවසුයේ මාතලේ අධ්‍යාපන කලාප බල ප්‍රදේශයේ පවතින උකුවෙල කුරීවෙල මහින්ද රාජපක්ෂ නවෝද්‍යා මහා විද්‍යාලයේ සහ කුරීවෙල හමීඩියා විද්‍යාලය යන විද්‍යාලයන්හී අතර පවතින පාසල් භූමිය සම්බන්ධයෙන් වු ගැටලුව නිරාකරණය කිරීම සදහා නිරීක්ෂණ චාරිකාවකට පසුගියදා (14) එක් වෙමිනි.
විද්‍යාලයන් දෙක අතර වසර ගණනාවක් මුළුල්ලේ මෙම ගැටලුව පැවතියත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් විසදුම් නොලැබීම හේතුවෙන් පළාත් ආණ්ඩුකාරවරයාගේ මැදිහත්වීම මත මෙම ගැටලුව සදහා විසදුම් ලබාදීම වෙනුවෙන් මෙලෙස නිරීක්ෂණ චාරිකාවක නිරත් වු අතර එහිදී අදාල අංශ සමග සාකච්ඡා කර පවතින ලිඛිත ලේඛනමය සාක්ෂි ද සැලකිල්ලට ගෙන සාධාරණ විසදුමක් කඩිනමින් ලබාදීමට තමා අපේක්ෂා කරන බව පළාත් ආණ්ඩුකාරවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කර සිටියේය.මෙම අවස්ථාවට පළාත් අධ්‍යාපන අමත්‍යාංශ ලේකම් එච්.එම්.එම්.යු.බි.හේරත් ,මහින්ද රාජපක්ෂ නවෝද්‍යා මහා විද්‍යාලයේ විදුහල්පති ජී.මුත්තෙට්ටුතැන්න , හමීඩියා විද්‍යාලයේ විදුහල්පති එම්.අස්ලම් යන මහත්වරුන් , කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරින් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.