සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

ජාතික ශික්ෂණ  ඩිප්ලෝමාධාරීන් 1025ක් මධ්‍යම පළාතේ ගුරුවරු සේවයට.

ජාතික ශික්ෂණ ඩිප්ලෝමාධාරීන් 1025ක් මධ්‍යම පළාතේ ගුරුවරු සේවයට.

ජාතික ශික්ෂණ ඩිප්ලෝමාධාරීන් 1025ක් මධ්‍යම පළාතේ ගුරුවරු සේවයට. ජාතික ශික්ෂණ ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බදවා ගැනීමේ ජාතික වැඩසටහනට සමගාමීව මධ්‍යම පළාත් වැඩසටහන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මහනුවර හා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ඉකුත්දා (16) මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. ජාතික ශික්ෂණ ඩිප්ලෝමාධාරීන් ගුරුවරුන් ලෙස බදවාගන්නා වැඩ සටහනේ ජාතික උත්සවය ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ දි සිදුවු අතර , මධ්‍යම පළාතේ පවතින පාසල් සදහා මෙදින ගුරුවරුන් ලෙස 1025 දෙනෙකුහට පත්වීම් ලබාදීම සිදුකෙරිණ. මෙහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාරවර ලලිත් යු ගමගේ මහතා, රටක ජීවය රඳා පවතින්නේ අධ්‍යාපනය මතයි. රටක් විනාශයට හෝ දියුණුවට පත් කරවීමට හැකියාව පවතින්නේ අධ්‍යාපන ක්‍රමය තුළින් බිහිවන පරපුරේ ක්‍රියාකාරිත්වය මතයි. සාරධර්ම හා ගුණධර්ම පිරි හදවතක් පවතින දරුවකු සමාජගත කිරීමේ වගකීම අද ගුරු පරපුර වෙත පැවරෙනවා . එය ඉක්මවා තමාගේ අයිතීන් පසුපස හඹා යෑම තුළ රටේ දරු පරපුර නිවැරදි දිශානතියකට යොමු කළ හැකි ද යන්න ගැටලුවක්. අද අතිරේක පන්ති නොයන දරුවෙක් හොයා ගැනීම අපහසු වෙලා තියෙනවා. රජයට රාජ්‍ය සේවයට බැඳෙන අය රාජ්‍ය සේවයේ වගකීම ඉටු කිරීම සිදුකළ යුතු වුවත් අද ඒ වෙනුවට ආර්ථිකමය කරුණු පසුපස හඹා යනවා . රටට විය යුතු වගකීම නිසි ලෙස ඉටු කරනවා ද යන්න ගැන ගුරුවරුන් ලෙස නැවත වගකීමෙන් සිතා බැලිය යුතු කාලය උදා වෙලා පවතිනවා. අද පත්වීම් ලබන ඔබ හෙට දිනයේ සිට මේ තත්ත්වය වෙනස් කිරීමට කටයුතු කිරීම ඔබේ ජාතික වගකීමක් වනවා යැයි පැවසිය. මෙලෙස ලබාදෙන ලද ගුරුපත්වීම් අතර ප්‍රාථමික අධ්‍යාපනය, විද්‍යාව, දෙමළ,ඉංග්‍රීසි, ගණිතය, සිංහල, බුද්ධ ධර්මය, හින්දු ධර්මය, කතෝලික හා ක්‍රිස්තු ධර්මය, චිත්‍ර, නැටුම්, භාරත නැටුම්, සංගීත,කර්ණාටක සංගීතය,බටහිර සංගීතය, නාට්‍ය හා රංග කලාව, සෞඛ්‍ය හා ශාරිරක අධ්‍යාපනය, ගෘහ ආර්ථීක විද්‍යාව, කෘෂි හා ආහාර තාක්ෂණය, තොරතුරු සන්නිවේදන තාක්ෂණය, විශේෂ අධ්‍යාපනය , නිර්මාණාත්මක කරණය හා යාන්ත්‍රික තාක්ෂණය,නිර්මාණාත්මක කරණය හා ඉදිකිරීම් තාක්ෂණය,විද්‍යුත් තාක්ෂණය යන විෂයන් සිංහල හා දෙමළ මාධ්‍යයන්ගෙන් ලබාදීම සිදුකල කරන ලද අතර, මෙලෙස ලබාදෙන ලද සමස්ත පත්වීම් ප්‍රමාණය සිංහල මාධ්‍යයෙන් පත්වීම් 480ක්, දෙමළ මාධ්‍ය 446ක් සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් 99ක් වේ. මෙම අවස්ථාවට යෞවන කටයුතු හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිලක් රාජපක්ෂ, උදයන කිරිදිගොඩ, මහාචාර්ය රංජිත් බණ්ඩාර,ඒ.එච්.එම්.හලීම්, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටෙගොඩ, පළාත් සභාවේ සභාපති එල්.ඩි.නිමලසිරි යන මහත්ම මහත්මින් සහභාගී වූ අතර, මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත්, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.දයානන්ද, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් උපාලි රණවක, මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මදූපානි පියසේන, සභා ලේකම් සී. කේ. ඉලංගකෝන් , පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස යන මහත්ම මහත්මින් ඇතුළු නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්,දෙපාර්තමේන්තු ප්‍රධානීන්, පළාතේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගි වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook