
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා මහනුවර , අරුප්පොල ධර්මාශෝක විද්‍යාල පරිශ්‍රය නිරීක්ෂණය කෙරේ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා මහනුවර , අරුප්පොල ධර්මාශෝක මාවතේ 111 පටුමගේ පිහිටි ධර්මාශෝක විද්‍යාලය හා විද්‍යාල පරිශ්‍රය නිරීක්ෂණය කරයි. ආණ්ඩුකාර ගමගේ මහතා මෙසේ ධර්මාශෝක විද්‍යාලය වෙත පැමිණියේ පළාතේ ඌන උපයෝජිත පාසල් පිළිබඳ කෙරෙන විමර්ශනයට අදාළ ව ය.
මෙහි ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව 26කි. ගුරුවරුන් සංඛ්‍යාව 14 කි. පළමු ශ්‍රේණියේ සිට එකොලොස්වන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වේ. එකොලොස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නේ එක් සිසුවකු පමණි. පාසලේ ගුරුවරයකු භාවිත කරන එක් නිල නිවෙසකි. පාසල් පරිශ්‍රයේ භූමි ප්‍රමාණය අක්කර දෙකක් පමණ ය. වැඩ බලන විදුහල්පති තනතුරේ කටයුතු කරන්නේ ජයන්ත අධිකාරි මහතා යි.
විද්‍යාලය සතු සම්පත්වලින් උපරිම ප්‍රයෝජනය නො ගන්නා බව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ආණ්ඩුකාර ගමගේ මහතා පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාට හා පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් මහතාට උපදෙස් ලබා දුන්නේ මේ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ගයක් නො පමාව අනුගමනය කරන ලෙස ය.
මෙම නිරීක්ෂණ අවස්ථාවට පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සී.අයි.අන්දරගේ යන මහත්මීන් ද එක්ව සිටියහ.