
ජාත්‍යන්තර යෝගා දින සැමරුමට සමගාමී යෝගා වැඩසටහනක් මහනුවර සහස් උයනේදී .
ජාත්‍යන්තර යෝගා දින සැමරුමට සමගාමී යෝගා වැඩසටහනක් මහනුවර සහස් උයනේදී .
ජාත්‍යන්තර යෝගා දින සැමරුමට සමගාමී යෝගා වැඩසටහනක් මහනුවර සහස් උයන පරිශ්‍රයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ සහ මහනුවර ඉන්දියානු සහකාර මහකොමසාරිස් වෛද්‍ය එස්.ආත්රා (Dr. S Athira) මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (21) පැවැත්විය.
මහනුවර ඉන්දීය සහකාර මහා කොමසාරිස් වෛද්‍ය අතීරා මහත්මියගේ උපදෙස් පරිදි සහකාර මහා කොමසාරිස් කාර්යාලය, මධ්‍යම පළාත් සභාව ඇතුළු රාජ්‍ය ආයතනවල සහයෝගයෙන් පැවැත්වූ මෙහි සමාරම්භක උත්සවයේ දී පළාත් ආණ්ඩුකාර නිතීඥ ලලිත් යු ගමගේ මහතා අදහස් දක්වමින් සදහන් කළේ කායික වශයෙන් මෙන්ම මානසික වශයෙන් නිරෝගී පුද්ගලයෙකු නිර්මාණය කිරීමෙහි ලා යෝගා අභ්‍යාස ඉතා ප්‍රයෝජනවත් වන බවත්, මෙවැනි වැඩසටහනක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් මහනුවර ඉන්දියානු සහකාර මහකොමසාරිස්වරිය ඇතුලු කාර්ය මණ්ඩලයට සිය ස්තූතිය පළ කර සිටින බවත් ය.
2014 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ජූනි 21 වන දින ජාත්‍යන්තර යෝග දිනය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබිය.දැනට ලෝකයේ රටවල් 177ක් පමණ මේ දිනය සමරන අතර ජාත්‍යන්තර යෝග දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත මෙම යෝජනාව ඉදිරිපත් කළ, ඉන්දියානු වත්මන් අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා විසිනි.
ඉන්දියාවේ වඩාත්ම පුරාණ සංස්කෘතික උරුමයක් ලෙස හැඳින්වෙන යෝග ක්‍රමය සදාචාරාත්මක, මානසික , මෙන්ම අධ්‍යාත්මික ගුණ වගාකිරීමේ ව්‍යායාමය ක්‍රමයක් ලෙසද සැලකේ.
යෝග යනු,පැරණි ඉන්දියානු දර්ශනයේ වසර 5000 ක ඉතිහාසයක් ඇති මනස සහ ශරීරය පුහුණු කිරීමේ ප්‍රශස්ත ක්‍රමවේදයකි. විවිධ ශෛලීන් ,ශාරීරික ඉරියව්, හුස්ම ගැනීමේ ක්‍රම, සහ භාවනා ක්‍රම, විවේකය ඒකාබද්ධ කෙරෙන මෙම අභ්‍යාසයන් නූතන ලෝකයේ දකුණු ආසියානු යෝග කලාව ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම ව්‍යාප්තව පවතී.
ප්‍රායෝගික යෝග අභ්‍යාස ඇතුලත් ඉදිරිපත් කිරීම් සහිත මෙම වැඩසටනට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මහනුවර දිස්ත්‍රීක් ලේකම් චන්දන තෙන්නකෝන්, මහනුවර දිස්ත්‍රීක් නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිළධාරීන් හා පාසල් ළමුන් පිරිසක් ද සහභාගිවූහ.