
ශ්‍රීමත් ආර්ච් බෝලඩ් කැම්බල් ලොරි මහතා විසින් රචිත මධ්‍යම පළාතේ ප්‍රදේශ වර්ණය,සිංහල පරිවර්තන ග්‍රන්ථයේ දෙවන වෙළුම එළිදැක්වේ.
මධ්‍යම පළාතේ සංස්කෘතික අගයන් සමාජගත කිරීමේ අරමුණින් මධ්‍යම පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් ශ්‍රීමත් ආර්ච් බෝලඩ් කැම්බල් ලොරි
මහතා විසින් රචිත මධ්‍යම පළාතේ ප්‍රදේශ වර්ණය,සිංහල පරිවර්තන ග්‍රන්ථයේ දෙවන වෙළුම එළිදැක්වීමේ උත්සවය හිටපු මධ්‍යම පළාත් හා සබරගමු පළාත් ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් අද (6 ) වන දින මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
මධ්‍යම පළාත සුවිශේෂි වූ එවකට ශ්‍රී ලාංකීය සමාජයේ පැතිකඩක් නිරූපණය වන පරිදි සාම්ප්‍රදායික රාජාණ්ඩු ක්‍රමය බිඳ වැටීමත් සමඟ ඉංග්‍රීසි ආධිපත්‍ය යටතේ වූ ලාංකීය ජන ජීවිතය හා බැඳුනු සිදුවීම් පෙළක් විමර්ශනාත්මකව ඉදිරිපත් කරමින් මධ්‍යම පළාතේ ඓතිහාසික සාමාජික සංස්කෘතික හා දේශපාලනික වශයෙන් වැදගත් වන කරුණු ඇතුළත් මෙම ග්‍රන්ථයේ දෙවන වෙළුමෙහි පරිවර්තක හිටපු දිසාවිනිසුරු පර්ල් කරලියද්ද මහත්මිය වන අතර , මෙම කෘතියේ සංස්කාරක ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර අංශයේ මහාචාර්ය අජිත් තල්වත්ත මහතායි.
මෙම අවස්ථාවට මහනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේතුමා හා මහනුවර කතරගම දේවාලයේ හිටපු බස්නායක නිලමේතුමා, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, දිස්ත්‍රික් අතිරේක ලේකම්, මධ්‍යම පළාත් සංස්කෘතික අධ්‍යක්ෂ අයෝමි දූල්වල ඇතුළු රාජ්‍ය නිලධාරීන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සම්මානිත මහාචාර්ය දයා අමරසේකර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය රෝහිත දසනායක ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.