
මහනුවර කලාප ක්‍රීඩා සමාප්ති උළෙල.
මහනුවර කලාප ක්‍රීඩා සමාප්ති උළෙල.
මහනුවර අධ්‍යාපන කලාපයේ පාසල් අතර පැවැත්වෙන කලාප ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා සමාප්ති උළෙල පසුගිය 13 දින මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ දී පැවැත්විණ.
පුරා සිව් දිනක් පැවති මෙම ක්‍රීඩා උළෙලේදී මහනුවර අධ්‍යාපන කලාපයේ පාසල් වල දරුදැරියන් විශේෂ ක්‍රීඩා දක්ෂතා දක්වන ලද අතර මෙහි ජය සංකේත ප්‍රධානය පළාත් ආණ්ඩුකාරව ගමගේ මහතා විසින් සිදු කරණ ලදී.
මෙම අවස්ථාව සදහා මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමරි අන්දරගේ , පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා )අතුල ජයවර්ධන ,මහනුවර අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා) සංජීව වීරක්කොඩි යන මහත්ම මහත්මීන් , විදුහල්පති වරුන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.