
පළාත් පාලන දෙපාර්තමේන්තුවේ විමර්ශන නිළධාරින්ගේ ප්‍රගති සමාලෝචන රැස්වීමක්
2023 වර්ෂයට අදාල පළාත් පාලන දෙපාර්තමේන්තුවේ විමර්ශන නිළධාරින්ගේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා නවයාලතැන්න පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේදී පැවැත්විනි.
2023 වර්ෂයේ පළාත් පාලන ආයතනයන්හී ආදායම් ප්‍රවර්ධනය ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා වූ මඟ පෙන්වීම හා එම ආයතන වල මුල්‍ය විනය හා කාර්යය සාධනය ඉහළ නංවා ගැනීම සඳහා දෙපාර් තමේන්තුවෙන් ලබාදෙන දායකත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට අවශ්‍ය උපදෙස් හා මඟ පෙන්වීම් මෙහිදී පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය විසින් ලබාදෙන ලද අතර , මේ අවස්ථාව සදහා මහනුවර, මාතලේ, නුවරඑළිය දිස්ත්‍රික් සහකාර කොමසාරිස් වරුන් හා පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරි ගැමුණු බණ්ඩාර මහතා සහභාගී වුහ.