සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වෙනි උපසම්පදා පුණ්‍ය මහෝත්සවය 20දා මාතලේ දී.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වෙනි උපසම්පදා පුණ්‍ය මහෝත්සවය 20දා මාතලේ දී.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වෙනි උපසම්පදා පුණ්‍ය මහෝත්සවය 20දා මාතලේ දී. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වෙනි උපසම්පදා මහා විනය කර්ම පුණ්‍ය මහෝත්සවය ජූලි 20 වනදා සිට 27 දක්වා මාතලේ, පුරිජ්ජල ශ්‍රී සංඝබෝධි පිරිවෙන කේන්ද්‍ර කර ගනිමින් මාතලේ - බණ්ඩරපොළ සුදුගඟ නදියේ ඉදිකෙරෙන සීමා මාලකයේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර, එහි ඉදිරි කටයුතු සොයා බැලීම සම්බන්ධයෙන් වූ විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමක් 14 දින මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. මෙම උපසම්පදා පුණ්‍ය මහෝත්සවය ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර , දැනට ආයතන වෙත පවරා දී ඇති කාර්යයන් වල ප්‍රගතිය හා පවතින ගැටලු පිළිබඳව අවධානය යොමු කළ අතර ,මෙම පුණ්‍යෝත්සවය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස මෙහිදී ආණ්ඩුකාරවර ලලිත් යූ ගමගේ මහතා සියලු අංශ වෙත උපදෙස් ලබා දීම සිදු කරන ලදී. මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්. ඩී. නිමලසිරි,මාතලේ දිස්ත්‍රීක් ලේකම් තේජානි තිලකරත්න, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) සි.කේ .ඉලංගකෝන්,යන මහත්ම මහත්මීන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් , පළාත් පාලන ආයතන ප්‍රධානීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook