
පළාත් පාලන ආයතන ලේකම්වරුන් සදහා CHANGE AGENT පුහුණු වැඩසටහනක්
මධ්‍යම පළාතේ රාජ්‍ය ආයතනවල සේවයේ නියුක්ත පරිපාලන නිලධාරින්හට සහ පළාත් පාලන ආයතන ලේකම්වරුන් සදහා CHANGE AGENT පුහුණු වැඩසටහනක් ඉකුත්දා (14) පල්ලෙකැලේ කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ දී පවත්වන ලදී.
මනා කළමනාකරණයක් තුලින් යහපත් මහජන සේවාවක් ලබාදීමේ අපේක්ෂාවෙන් රාජ්‍ය අංශයන් තුළ සිදුවිය යුතු වෙනස්කම් සැලකිල්ලට ගනිමින් මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය මගින් මෙම වැඩසටහන සංවිධානය කොට පැවතුනි.
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) චන්දන වික්‍රමසුරිය මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක මෙම වැඩසටහනේ සම්පත්දයකත්වය ගුරු උපදේශක ,මාර්ගෝපදේශ කර්නල් ලක්ෂ්මන් ගුණතිලක මහතා විසින් සිදුකරන ලද අතර මෙම අවස්ථාව සදහා පුහුණු ඒකකයේ අධ්‍යක්ෂ තිලිණි දෙහිගොල්ලේ මහත්මිය ද සහභාගි විය.