සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

සීගීරියේ  ගැටලු සොයන්න මධ්‍යම ආණ්ඩුකාරවරයා ක්ෂේත්‍ර චාරිකාවක.

සීගීරියේ ගැටලු සොයන්න මධ්‍යම ආණ්ඩුකාරවරයා ක්ෂේත්‍ර චාරිකාවක.

සීගීරියේ ගැටලු සොයන්න මධ්‍යම ආණ්ඩුකාරවරයා ක්ෂේත්‍ර චාරිකාවක. සංචාරකයන් නැවත මෙරටට පැමිණීම දිනෙන් දින ඉහල යන අවධියක ඉහල ඵෙතිහාසික හා සංස්කෘතික වටිනාකම් වලින් සපිරි සීගිරිය සංචාරක කලාපය විධිමත් ව සකස් කොට පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර වර නීතීඥ ලලිත් යු ගමගේ මහතා (16) අවධාරණය කරයි. දෙස් විදෙස් සංචාරකයන් ගේ වාහන නතර ගාල් කිරීමේ අංගනය සහ සනීපාරක්‍ෂක පහසුකම් ආශ්‍රිතව වරීන් වර මතුවන ගැටලුකාරී වාතාවරණයන් මාධ්‍ය මගින් හෙළිදරව් කරනු ලැබිය. එසේ පළ වු පුවත් පදනම් කරගනිමින් එම ප්‍රදේශයේ තත්ත්වය නීරීක්ෂණය කිරීමට තීරණය කල ආණ්ඩුකාරවරයා පසුගියදා එම ප්‍රදේශයේ චාරිකාවක නිරතවීය. ත්‍රීරෝද රථ වල ගාස්තූ අයකිරීම්, කඩ කාමර ගැටලු සහ සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීම , නව නගරයේ භාවිතයට නොගෙන පාලුවට හා විනාශයට ලක් වී ඇති කඩ කාමර ත් , අවිධිමත් ව ඉදි කොට ඇති අනවසර ඉදිකිරීම් ඇතුලු කරුණු ගණනාවක් කෙරෙහි අවධානය යොමු කල මධ්‍යම ආණ්ඩුකරවරයා , ඉදිරි මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමේ දී මේ පිළිබද අදාළ සියලු පාර්ශවයන් ගෙන් කරුණු විමසා නිසි ලෙස සකස් කිරීමට පියවර ගන්නා බව මෙහිදී ප්‍රකාශ කලේය. මෙම සංචාරයට පළාත් සංචාරක අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක් විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook