සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

බහුකාර්යය සංවර්ධන සහයකයින් 1195 ක් මධ්‍යම පළාතේ ස්ථිර රාජ්‍ය සේවයට.

බහුකාර්යය සංවර්ධන සහයකයින් 1195 ක් මධ්‍යම පළාතේ ස්ථිර රාජ්‍ය සේවයට.

බහුකාර්යය සංවර්ධන සහයකයින් 1195 ක් මධ්‍යම පළාතේ ස්ථිර රාජ්‍ය සේවයට. වෘත්තිය අභිවෘද්ධිය පිළිබදව සිතන යුගයක මහජන සේවාවන් සැපයීම වෙනුවෙන් වැඩි කැපවීමක් සිදු කිරීම කාලින අවශ්‍යතාවයක් බවට වෙලා. තමන්ගේ වෘත්තිය අයිතිය වෙනුවෙන් පෙළගැසීම වෙනුවට පළමුව ජනතා සේවය ඉටුකළ යුතුයි. එතකොට තමන්ගේ අයිතිවාසිකම් ඉබේම ලැබේවි. රට අර්බුදයක පවතින මොහොතක තමන්ගේ යහපත නොව රටේ අභියෝග වෙනුවෙන් කැපවිය යුතුයි. වැටෙන්න ගිය රට යලි ගොඩ නැගීමට වෙහෙසෙන වෙලාවේ තමන්ට පෙර රට කියා සිතිය යුතුයි. රාජ්‍ය සේවකයාගේ මුලික අරමුණ එයවිය යුතු යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි. ආණ්ඩුකාරවරයා මෙලෙස පැවසුයේ බහුකාර්යය සංවර්ධන සහයකයින් වෙත මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ ප්‍රාථමික ශිල්පිය නොවන සේවා ගනයේ තනතුරු සදහා ස්ථිර පත්වීම් ලබාදීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. මෙම පත්වීම් ප්‍රධානය 26 දින පල්ලේකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවනගාරයේ දී පැවැත්විණ. රාජ්‍ය ප්‍රතිපතියක් මත බහුකාර්යය සංවර්ධන සහයක ලෙස පුහුණුව සදහා බදවා ගන්නා ලද මෙම පිරිස වසර තුනක පුහුණුව අවසන්වීමෙන් පසුව මෙලෙස ස්ථිර පත්වීම් ප්‍රධානය කිරීම සිදුකෙරිණ. මෙහිදී පත්වීම් 1195ක් පිරිනැමීම සිදු කරන ලද අතර අධ්‍යාපන ක්ෂේත්‍රය සදහා පත්වීම් 621 ,සෞබ්‍යය ක්ෂේත්‍රය සදහා 452 ක් හා අනෙකුත් ආයතන සදහා 122 ලෙස පත්වීම් ලබාදීම සිදු විය. මෙම අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක , මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ගුණතිලක රාජපක්ෂ , පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිදිගොඩ, මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩි.නිමලසිරි , මධ්‍යම පළාත ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ යන මහත්වරුන් ඇතුළු පළාත් සභා අමාත්‍යංශ ලේකම්වරුන් , නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් හා ආයතන ප්‍රධානින් රැසක් එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook