
මහනුවර ශ්‍රී සංඝරාජ මහා පෙරහැර 2023 අගෝස්තු 01 දා.
77 වන වරටත් පවත්වනු ලබන මහනුවර ශ්‍රී සංඝරාජ මහා පෙරහැර 2023 අගෝස්තු 01 දින පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම පෙරහැර සංවිධාන කටයුතු වල ප්‍රගතිය විමසීමේ විශේෂ රැස්වීමක් 27 දින මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලිය ශ්‍රවනාගාරයේදී පැවත්විණ.
වසර දෙකකට පසුව පැවැත්වෙන මෙම පෙරහැර ඉතා සාර්ථකව පැවැත්වීම වෙනුවෙන් සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධව දායකත්වය ලබාදීමට පියවර ගෙන ඇති අතර මෙම පෙරහැර අගෝස්තු මස පළමුවන දිනට දී ඇති ඇසල පොහොය දිනයේ ප.ව. 1.00ට මල්වතු මහා විහාරයෙන් ආරම්භ වේ.
මෙම සාකච්ජාව සදහා මහා සංඝරත්නය , කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.දයානන්ද , මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් උත්පල ජයරත්න, පළාත් සංස්කෘතික අධ්‍යක්ෂ අයෝමි දුල්වල , බෞද්ධ කටයුතු කොමසාරිස් එච්.එම්.පි.බණ්ඩාර , ආණ්ඩුකාර සහකාර ලේකම් මිහිරාන් බණ්ඩාර, ප්‍රාදේශීය ලේකම්වරුන් , බන්ධනාගාර නිලධාරින් , පලාත්පාලන ආයතන ප්‍රධානින් ,සංස්කෘතික නිලධාරින් ,ආරක්ෂක අංශ ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී වුහ.