සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

රජයේ මුදල් නොයොදා රාජ්‍ය නිලධාරීන්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදි වූ තෙල්දෙණියට එළිමහන් රංග භූමිය ජනතා අයිතියට පත් කෙරේ.

රජයේ මුදල් නොයොදා රාජ්‍ය නිලධාරීන්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදි වූ තෙල්දෙණියට එළිමහන් රංග භූමිය ජනතා අයිතියට පත් කෙරේ.

රජයේ මුදල් නොයොදා රාජ්‍ය නිලධාරීන්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදි වූ තෙල්දෙණියට එළිමහන් රංග භූමිය ජනතා අයිතියට පත් කෙරේ. ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, රාජ්‍ය මුදල් යෙදවීමකින් තොරව රාජ්‍ය නිලධාරීන්ගේ ශ්‍රම දායකත්වය මත ඉදිවූ මහනුවර මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේ ඉදි කරන ලද එළිමහන් රංග පීඨය ජනතා අයිතියට පත් කිරීමේ මහෝත්සවය 31 දින මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් තෙල්දෙණියේදී සිදු කෙරිණ. මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් ඉන්දික අනුරුද්ධ පියදාස මහතාගේ සංකල්පයක් මල්පල ගන්වමින් අභිනවයෙන් ඉදිවූ එළිමහන් රංග පීඨය රජයේ මුදල් නොමැතිව මහනුවර තෙල්දෙනියේ ඉදිකර ඇත.මෙම එළිමහන් රඟමඩල සදහා රුපියල් ලක්ෂ 70 කට ආසන්න මුදලක් වැය වී ඇති බවත් ඒ සඳහා කිසිදු මුදලක් රාජ්‍ය අංශයෙන් ලබා නොගත් බවත් මෙහි කටයුතු වෙනුවෙන් අමුද්‍රව්‍ය හා ශ්‍රම දායකත්වය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය වන 450 ක පමණ නිලධාරීන්ගේ දායකත්වය මත සහ පෞද්ගලික පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රාහකත්වයෙන් මෙම එළිමහන් රංගපීඨය ඉදිකර ඇති බව මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් ඉන්දික අනුරුද්ධ පියදාස මහතා පවසයි. මේ ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 70 ක පමණ පිරිවැයක් දැරීමට සිදු වී ඇති බවත් මේ මුදල් රාජ්‍ය අනුග්‍රහයක් නොමැතිව දරා මෙම කාර්යය සාර්ථකව නිම කර ගැනීමට හැකිවීම ප්‍රදේශ වාසී සියලු දෙනාගේ භාග්‍යයක් බවත් ඒ මහතා පැවසීය. අවස්ථාවට සහභාගී වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යූ ගමගේ මහතා අදහස් දක්වමින් , රටම ආර්ථික අර්බුදයක් පවතින මොහොතක මෙවැනි රාජ්‍ය නිළධාරීන්ගේ ක්‍රියා කලාපයන් ඉතා අගය කරන බවත් රටට මේ මොහොතේ අවශ්‍ය වන්නේ මෙවැනි ආදර්ශමත් රාජ්‍ය නිලධාරීන් හා මෙවැනි ක්‍රියා සඳහා මඟ පෙන්වන ආදර්ශමත් වූ නායකත්වයක් බවත් පැවසීය. කෙසේ නමුත් රාජ්‍ය අංශයෙන් නිලධාරීන් ඇගයීමට ලක් කිරීමේ ක්‍රමවේදයේ ගැටලු පවතින බවත් කාර්යක්ෂම සේවයක් ලබා දෙන නිලධාරී ඇගයීමට ලක් නොවීම ද යුගයේ අර්බුදයක් බවට පත්වී ඇති බව ද පැවසිය. රට ගැන හිතෙන අනාගත පරපුර ගැන දැක්මක් සහිත මෙවැනි නිලධාරීන් රට තුළ දුර්ලභ බවත් එවැනි නිලධාරීන් රාජ්‍ය අංශයේ සිටී නම් රට අර්බුදයෙන් ගොඩ ගැනීමට වැඩි සහයක් ලැබෙන බව ද කි ඒ මහතා තනතුරු පසුපස හඹා යෑමට පෝලිම්වල ආවත් රට වෙනුවෙන් යුතුකම් ඉටුකරන්න නිලධාරීන් පෙළඹෙන්නේ නැති බවද කී ඒ මහතා අද කෝටි ගණන් වියදම් කරලා විශේෂඥයන් රටට බිහි කළාත් ඔවුන් රට වෙනුවෙන් වගකීම් ඉටු නොකර රට හැර යන බවත් ඔවුන්ගේ හදවත් තුළ කලාව හා සෞන්දර්ය එක්තැන් වී පැවතියා නම් මනුෂ්‍යත්වයේ නාමයෙන් මේ මොහොතේ රට වෙනුවෙන් කටයුතු කරන බවද ඒ මහතා පැවසීය. මෙම එළිමහන් රගමඩල නිර්මාණය කර තිබෙන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සරච්චන්ද්‍ර එළිමහන් රංග මණ්ඩල හා සමාන ආකාරයෙනි. මෙහි පන්සිය දෙනෙකුට අසුන්ගත හැකි අයුරින් ඉදිකර ඇත. මෙම අවස්ථාව සඳහා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, තෙල්දෙණිය වෙළෙඳ සංගමයේ සභාපති අසංක දිසානායක යන මහත්ම මහත්මීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරීන්, ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook