සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

වැලිවිට ශ්‍රී අසරණ සරණංකර සංඝරාජ හිමිපාණන් වහන්සේගේ ශාසනික මෙහෙවර අගයමින් සංඝරාජ පෙරහැර 77 වන වරට මහනුවර නගරයේදී වීදි සංචාරය කෙරේ.

වැලිවිට ශ්‍රී අසරණ සරණංකර සංඝරාජ හිමිපාණන් වහන්සේගේ ශාසනික මෙහෙවර අගයමින් සංඝරාජ පෙරහැර 77 වන වරට මහනුවර නගරයේදී වීදි සංචාරය කෙරේ.

වැලිවිට ශ්‍රී අසරණ සරණංකර සංඝරාජ හිමිපාණන් වහන්සේගේ ශාසනික මෙහෙවර අගයමින් සංඝරාජ පෙරහැර 77 වන වරට මහනුවර නගරයේදී වීදි සංචාරය කෙරේ. බෝසත් ගුණෝපේත වැලිවිට ශ්‍රී අසරණ සරණංකර සංඝරාජ හිමිපාණන් වහන්සේගේ ශාසනික මෙහෙවර අගයමින් සංවිධාන කළ 77 වන සංඝරාජ පෙරහැර ඇසල පුන් පෝය දිනයේදී (01) මහනුවර නගරයේ වීදි සංචාරය කළේය.ශ්‍රී ලංකාවේ අභාවයට පත් උපසම්පදා භිකෂූ සාසනය යලි ස්ථාපිත කොට කිර්ති ශ්‍රී රාජසිංහ මහා රජුගේ රාජ්‍ය අනුග්‍රහය හා දායකත්වය ලැබ සියම් දේශයෙන් (තායිලන්තයෙන් ) පවර උපාලි මහා ස්වාමින් වහන්සේ ප්‍රමුඛ අටලොසක් මහා සංඝරත්නය ලක්දිවට රාජ ගෞරව සහිතව මහා පෙරහරින් වැඩමකොට ගෙන ඓතිහාසික සෙංකඩගල මහනුවර මල්වතු මහා විහාරයේදී 1753 වර්ෂයේ ඇසල පුන් පෝයදින ප්‍රථම උපසම්පදා විනය කර්මය සිදුකිරීම වැලිවිට ශ්‍රී අසරණ සරණංකර සංඝරාජ හිමිපාණන් වහන්සේ විසින් ආරම්භ කොට ඇත. වත්මන් සම්බුදු ශාසනයේ ආදි කර්තෘවරයාණන් වන උන්වහන්සේගේ ගුණ සිහිපත් කරමින් මල්වතු පාර්ශවයේ අනුනායක පුජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන්ගේ අනුශාසනාවකින් උත්සව සභාවේ කටයුතු ආරම්භ වූ අතර ප්‍රමුඛ මහා සංඝරත්නය, මධ්‍යයේ පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා ඇතුලු ගිහි බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් මෙම පෙරහැර මංගල්‍ය පැවැත්විණ. බෝසත් ගුණෝපේත වැලිවිට ශ්‍රී අසරණ සරණංකර සංඝරාජ හිමිපාණන් වහන්සේගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු සංඝරාජ පෙරහැර වීදි සංචාරය කිරීම ආරම්භ වු අතර අලි ඇතුන් හා සාම්ප්‍රදායික නර්ථන අංග රැසකින් යුතුව පෙරහැර මහනුවර නගරයේ වීදි රැසක ගමන් කිරීම සිදුවිය. පෙරහැර එතිහාසික මල්වතු මහා විහාරයෙන් ශ්‍රී සංඝරාජ ප්‍රතිමාව රැගත් පෙරහැර ශ්‍රී සංඝරාජ මාවත - දළදා විදිය-යටිනුවර විදිය-ඩි.එස්.සේනානායක විදිය , නැවත දළදා විදියට පිවිස ශ්‍රී සංඝරාජ මාවත - වැලිවිට පටුමග ඔස්සේ මල්වතු මහා විහාරස්ථ තුම්පනේ විහාරය වෙත විත් ගෙවදීම සිදුවිය.ශ්‍රී සංඝරාජ ගුණානුස්මරණ සමිතිය, එම කාන්තා සමිතිය, ශ්‍රී දළදා මාලිගාව, මහනුවර මහ නගර සභාව, ශ්‍රී සංඝරාජ දහම් පාසල හා මහනුවර නගරයේ පාසල්වල දරු දැරියන්, දායකයන් ඇතුලු විශාල පිරිසකගේ දායකත්වයෙන් මෙම පෙරහැර පැවැත් වූ අතර දළුක්ගොල්ල රජමහ විහාරාධිපති පුජ්‍ය ඇටිපොල බුද්ධරක්ඛිත හිමි, පුජ්‍ය අඹතලාවේ සරණංකර හිමි ඇතුලු මහා සංඝරත්නය ද මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ, සබරගමුව පළාත් හිටපු ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව, පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් , බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ මහනුවර දිස්ත්‍රික් සහකාර කොමසාරිස් අනුරුද්ධ බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook