සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාතෙන්  තරුෂිට හා පුහුණුකරු සුසන්තට උපහාර!

මධ්‍යම පළාතෙන් තරුෂිට හා පුහුණුකරු සුසන්තට උපහාර!

මධ්‍යම පළාතෙන් තරුෂිට හා පුහුණුකරු සුසන්තට උපහාර! අධ්‍යාපන ක්‍රියාවලිය සමබරව සිදුකර ගැනීමට ක්‍රීඩාව මහෝපකාරී වන බවත් එමගින් යහපත් පුරවැසීයෙකු සමාජගත කිරීමේ අධ්‍යාපනයේ අරමුණ වෙත ගමන් කිරීමට පිටුවහලක් ලැබෙන බවත් අතීතයේ ඩන්කන් වයිට් , එස්.එල්.බී.රෝසා ,සුගත් තිලකරත්න වැනි ක්‍රීඩකයින් මධ්‍යම පලාතට කිර්තිය ගෙනදුන්නා සේම පාසල් අවදියේදීම ජාත්‍යන්තරය ජය ගනිමින් අනාගත පරපුරට ආදර්ශයක් ලබා දී අනාගත පරපුරට නව දැක්මක් වෙත යොමුකිරීමට සමත් වූ තරුෂි කරුණාරත්න දිරිය දියණිය රටටම ආඩම්බරයක් යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ පවසයි. ඒ මහතා මෙලෙස පැවසුයේ ආසියානු ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ දී නව ආසියානු හා නව ශ්‍රී ලංකා වාර්තාවක් තබමින් දක්ෂතා දැක්වූ මධ්‍යම පළාතේ වත්තේගම අධ්‍යාපන කලාපයේ වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ දිරිය දියණියක් වන තරුෂි කරුණාරත්න හා ඇයගේ පුහුණුකරු වන සුසන්ත ප්‍රනාන්දු හට උපහාර පිදීම වෙනුවෙන් සංවිධානය කරන ලද උත්සවයේ ප්‍රධාන ආරාධියා ලෙස එක වෙමිනි. මෙම උපහාර උළෙල මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යාන පරිශ්‍රයේදී අද දින (04) පැවැත් විය. තායිලන්තයේ පැවැති ආසියානු ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ දී නව ශ්‍රී ලංකා වාර්තාවක් හා නව ආසියානු ශූරතා මළල ක්‍රීඩා තරගාවලි වාර්තාවක් ද සමගින් මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම හිමිකර ගත් වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාවට (මෙම තරගාවලියේදී පදක්කම් ත්‍රිත්වයක් හිමිකර ගෙන ඇත.) හා ඇයගේ පුහුණුකරු වන සුසන්ත ප්‍රනාන්දු මහතාහට (සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ - ක්‍රීඩා) මධ්‍යම පළාත් සභාවේ උපහාරය පිදීම හා මුල්‍ය ප්‍රධානයන් සිදු කිරීම මෙහිදී සිදු කෙරින. පසුගිය කාල වකවානුව තුළ ජාත්‍යන්තර තරගාවලි රැසකට සහභාගී වෙමින් ජයග්‍රහණ රැසක් මව්බිමට අත්කර දීමට තරුෂි සමත් වී ඇත. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවර ගමගේ මහතා, ජාත්‍යාන්තර කෙළිබිම ජයගත් තරුෂිගේ මුල්ම විදේශිය තරග සංචාරය සදහා වූ මුල්‍ය අනුග්‍රහය ලබා දෙමින් සහ කොලොම්බියාවෙදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා අත් විදිමට සිදුවූ අමිහිරි අත්දැකීම් හා දුෂ්කරතා අවම කොට තරගයට මුහුණ දීමේ පරිසරය නිර්මාණය කර දීමට ද ඍජුවම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස තමන් ක්‍රියාකළ බවත් , මෙලෙස දරුවන් අසරණ කළ නිලධාරින් වෙනුවෙන් නීතිමය පියවර ගන්නා ලෙස අදාළ නිලධාරින් හට දැනුම්දීමට ද කටයුතු සිදුකල බව සිහිපත් කළේය. නුතන තරගකාරිත්වය හා අභියෝග හමුවේ නොසැලී ලක්මවගේ ඔලිම්පික් පදක්කම් සිහිනය සැබෑ කරලීම වෙනුවෙන් ක්‍රීඩා ලොව ජය ගැනීම වෙනුවෙන් කිනම් දුෂකරතා මධ්‍යයේ වුව ද මධ්‍යම පළාත් සභාව ක්‍රීඩාව සදහා දක්වන දායකත්වය සහ අනුග්‍රහය එලෙසම ලබා දීමට පියවර ගන්නා බව ද පැවසිය. මෙම උපහාර පිදීමේ උත්සවය මධ්‍යම පළාත් සභාව , පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය , පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලැබූ අතර මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ , ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත් , කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.දයානන්ද, කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් උපාලි රණවක , මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන , පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස , මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් , නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක , වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න , වලල ඒ රත්නායක විදුහලේ විදුහල්පති ධම්මික හේරත් , පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ චන්දන සමරකෝන්, අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (ක්‍රීඩා) අතුල ජයවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක් විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook