සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ දී  සීගිරිය සංචාරක කලාපය ආශ්‍රිිතව පවතින ගැටලු සම්බන්ධයෙන්   විශේෂ අවධානයට.

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ දී සීගිරිය සංචාරක කලාපය ආශ්‍රිිතව පවතින ගැටලු සම්බන්ධයෙන් විශේෂ අවධානයට.

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම එහි සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතගේ සහ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී 7වන දින පැවැත්විය. දැනට පවතින වියළි කාලගුණය ඉදිරියේ දී පැවතිය හොත් දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් ජනතාවට මුහුණදීමට සිදුවන අපහසුතා අවම කිරීම සදහා සුදුසු වැඩපිළිවෙලක් සකස් කිරීම සදහා කමිටුවේ අවධානය යොමු වූ අතර මාතලේ දිස්ත්‍රික්කය තුළ සුළු අපනයන භෝග වගාව ප්‍රවර්ධනය කිරීම සදහා නව සැලැස්මක් සකස්කොට ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමුවිය. මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි සීගිරිය සංචාරක කලාපය ආශ්‍රිිතව පවතින ගැටලු සම්බන්ධයෙන් කමටුවේ විශේෂ අවධානය යොමු විය. දැනට පවතින ගැටළු නිරාකරණය කරමින් පවතින අඩු පහසුකම් සකසා විධිමත්ව ක්‍රියාත්මක කිරීමේ කාලින අවශ්‍යතාවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යු ගමගේ මහතා පෙන්වා දෙන ලද අතර , අදාල ගැටලු සම්බන්ධයෙන් සොයාබැලීම සදහා ඉකුත් දා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක ද ආණ්ඩුකාරවරයා නිරත වී ඇත. සේවා පහසුකම් සැපයීම , මාර්ග පද්ධතිය , යටිතල පහසුකම් , වෙළද ව්‍යාපාර සංවර්ධනය , වාහන නතර කිරීමේ පහසුකම් , ආදිය නාගරික සංවර්ධන ව්‍යාපෘතිය මගින් විදිමත් කිරීමට අවශ්‍ය බවත් , රටට විදේශ විනිමය ලබාදෙන සංචාරක කර්මානත්ය සිගිරිය කලාපයේ ප්‍රවර්ධනයට අවශ්‍ය පසුබිම සකස් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස මෙහිදී අදාළ නිලධාරින් හට දැනුම් දෙන ලදී. මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩී නිමලසිරි, පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මාතලේ දිස්ත්‍රීක් ලේකම් තේජානි තිලකරත්න, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල,කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.දයානන්ද යන මහත්ම මහත්මීන්,ප්‍රාදේශීය ලේකම්වරුන් ,පළාත් පලාන ආයතන ප්‍රධානින් , ආරක්ෂක අංශ නියෝජනය කරමින් නිලධාරින් රැසක් මෙම අවස්ථාවට එක් වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook