
හසලක නගරයේ පැරැණි බස් නැවතුම මහජන සේවාවන් සදහා භාවිතයට.
හසලක නගරයේ පැරැණි බස් නැවතුම මහජන සේවාවන් සදහා භාවිතයට.
හසලක නගරයේ නව බස් නැවතුම්පල ඉදිකිරීමෙන් පසු පවතින පැරණි බස් නැවතුම්පළ සම්බන්ධයෙන් ව්‍යාපාරික ප්‍රජාවගෙන් මතු වූ ගැටලු පිළිබඳ සාකච්ඡාවක්(08 ) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
පවතින අර්බුදකාරී ආර්ථික වාතාවරණය තුළ භාවිතයට ගත හැකි රජයේ ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීම වෙනුවට මහජන සේවාවන් සඳහා පමණක් මෙම ගොඩනැගිල්ල යොදා ගැනීමට මෙහිදී යෝජනා ඉදිරිපත් විය.
මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ මහත්මිය, මහාමාර්ග හා ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන මහත්මිය, ප්‍රවාහන අධිකාරියේ සභාපති, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.