
සහෘදයාත්‍රා- 2023
සහෘදයාත්‍රා- 2023
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලබන සහෘද යාත්‍රා -2023 වැඩසටහනේ මහනුවර අධ්‍යාපන කලාපයේ වැඩසටහන පසුගිය දා මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් හා අධ්‍යාපන කටයුතු පිළිබඳ උපදේශක කිත්සිරි ලියනගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
පන්ති කාමර අධ්‍යාපනයෙන් පරිබාහිරව ප්‍රායෝගික ක්‍රියාකාරකම් පාදක අධ්‍යාපනය මූලික කරගනිමින් පුද්ගල සංවර්ධනය හා රටේ සංවර්ධනය ඇති කිරීම මෙම වැඩ සටහනේ අරමුණයි. මහනුවර නගරබද පාසල් හා මහනුවර ප්‍රදේශයෙන් දුෂ්කර පාසල් අතර සහෘදත්වය වර්ධනය කිරීම මූලික කරගනිමින් සංවිධානය කළ මෙම වැඩසටහන සිසු දරුවන්ගේ ගායන,නර්තන හා කථික දක්ෂතා වලින් සමන්විත විය.
මෙම අවස්ථාවට එක්වූ ලියනගමගේ මහතා දරුවන් අතර ජාති ආගම් භේද දුරලා සාමය, සහජීවනය ඇති කර ගැනීමේ වැදගත්කම පිළිබඳව දේශනයක් ද පැවැත්වීය. මෙම සිසුන්ට මහනුවර නගරයේ ආගමික වැදගත්කමක් ඇති සිද්ධස්ථාන දැක බලා වැඳ පුදා ගැනීමට ද අවස්ථාව උදාවේ එසේම පේරාදෙණිය උද්භිත උද්‍යානයේ දී විනෝදාත්මක හා ඉංග්‍රීසි භාෂා පුහුණුව පිළිබඳ ප්‍රායෝගික වැඩසටහනකට ද සහභාගි වීමට අවස්ථාව සැලසේ.
මෙම වැඩ සටහනට සහභාගි වූ ප්‍රාථමික ශ්‍රේණි සිසුන් අතර සුහදත්වය ගොඩනැගීමක් වශයෙන් නගරයේ පාසල් වල සිසුන් ත්‍යාග පිරිනැමීමක් ද සිදු කෙරිණි.
මෙම වැඩසටහනේ සත්කාරක දායකත්වය ශාන්ත සිල්වෙස්තර විදුහලත්, අනුග්‍රාහක දායකත්වය මහනුවර ධර්මරාජ විදුහලත් දරනු ලබයි.මෙම අවස්ථාවට මහනුවර අධ්‍යාපන කලාපයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය, මහනුවර කලාපයේ පාසල්වල විදුහල්පතිවරුන් ගුරුවරුන් හා ප්‍රාථමික අංශයේ සිසු සිසුවියන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.