
දිවයින තුළ ලියාපදිංචි සියලුම වාහන සදහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ eRL.2.0 වැඩසටහන 2023 සැප්තැම්බර් 01 දින සිට මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කෙරේ.
දිවයින තුළ ලියාපදිංචි සියලුම වාහන සදහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ eRL.2.0 වැඩසටහන 2023 සැප්තැම්බර් 01 දින සිට මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කෙරේ.
වාහන අදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යය වඩාත් පුළුල් කරමින් දිවයින තුළ ලියාපදිංචි සියලුම වාහන සදහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ eRL.2.0 වැඩසටහන 2023 සැප්තැම්බර් 01 දින සිට මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව මධ්‍යම පළාත් ප්‍රවාහන කොමසාරිස් පාරමී තෙන්නකෝන් මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුයේ මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ගණකාධිකාරීන් සහ පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් යොදවා ඇති විෂය නිලධාරීන් (සංවර්ධන නිලධාරින් හා කළමනාකරණ සේවා නිලධාරින් ) 150 දෙනෙකු සදහා මෙම වැඩසටහන පිළිබදව විදිමත් පුහුණුවක් ලබාදීමේ දෙදින පුහුණු වැඩසටහන සදහා එක් වෙමිනි. මෙම වැඩසටහන පොල්ගොල්ල ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ 9,10 දෙදින පරිගණකගාරයේදී පැවැත්විණ. මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවාසී සියලු දෙනාහට කඩිනමින් තම සේවාවන් ඉටුකර ගැනීමට හැකියාව උදා කිරීම මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අරමුණ වේ. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය හා INNOVA මෘදුකාංග නිර්මාණ ආයතනය මෙම පුහුණු වැඩසටහන සදහා සම්පත්දායකත්වය ලබාදෙන ලදී.