
මධ්‍යම පළාත් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුව.
මධ්‍යම පළාත් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (11) පල්ලෙකැලේ දී පැවත් වින. පළාතේ සියලු රාජ්‍ය ආයතන වල එකතුවෙන් සැදුම්ලත් මෙම කමිටුවේදී පළාතේ මත්ද්‍රව්‍ය නිවාරණය කිරීම සදහා තීරණ රැසක් ගනු ලැබූ අතර පාසල් ,සමාජ ප්‍රජාව , රාජ්‍ය ආයතන ඇතුළු විවිධ සමාජ කණ්ඩායම් සදහා භාවිතය වැලැක්වීම සදහා දැනුවත් කිරීම් හා නිවාරන කටයුතු , උපදේශනය ට යොමු කිරීම , නීතිමය කටයුතු ක්‍රියාත්මක කිරීම ඇතුළු අංශ රැසකින් දායකත්වය ලබාදෙමින් සමාජ ප්‍රගමනයට ජනතාව යොමුකිරීමට වෙනුවෙන් ක්‍රියාකාරකම් රැසක් පළාත තුළ ක්‍රියාවට නැගීමට සැලසුම් කරන ලදී. මධ්‍යම පළාත තුල මත්ද්‍රව්‍ය නිවාරන කාර්ය සාධන බලකායක් ස්ථාපිත කිරීමටද යෝජනා වූ අතර 2024 වර්ෂයේ දී අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ විධිමත් සැලැස්මකට අනුව පාසල් පද්ධතිය තුළ මෙම ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කෙරින.
මෙම අවස්ථාව සදහා අමාත්‍යංශ ලේකම්වරුන් ,දෙපාර්තමේන්තු ප්‍රධානින් ,සෞබ්‍යය අංශයන් ,ආරක්ෂක අංශයන් නියෝජනය කරමින් නිලධාරින් රැසක් සහභාගී විය.