
ගල්බොඩ ඇල්ල ප්‍රදේශය ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට.
ගල්බොඩ ඇල්ල ප්‍රදේශය ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගල්බොඩ ඇල්ල ආශ්‍රිත ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙයි. ඒ ප්‍රදේශය දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනා ගන්නා පහසුකම් ආදියෙන් සමන්විත කිරීමේ හැකියාව සොයාබැලීම මෙහි ප්‍රමුඛ අරමුණක් විය. පවත්නා වියළි කාලගුණ තත්ත්වය මධ්‍යයේ වුව දිය ඇල්ල සක්‍රිය ව තිබිණි. දිය ඇල්ල හා ඒ අවට ප්‍රදේශය නැරඹීමට පැමිණිය යුත්තේ පටු මාර්ගයක්ඔස්සේ ය. එසේ පැමිණෙන පිරිස් වෙත අවශ්‍ය පහසුකම් ලබා දීමට පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සභාව මහත් වෙහෙසක් දරයි. දිය ඇල්ල අවට පරිසර පද්ධතිය සුරැකීමට ද ඔවුන් උත්සුක වන බව පෙනේ. නාවලපිටියේ සිට මාපාකන්ද දක්වා පැමිණ දිය ඇල්ල කරා ළඟා විය හැකි ය. කොළඹ -බදුල්ල දුම්රියෙන් පැමිණ ගල්බොඩ දුම්රිය ස්ථානයෙන් බැස මඳ දුරක් ගොස් ඒ කරා ළඟා වීමට ද පුළුවන. දිය ඇල්ලේ උස මීටර් 30 කි. නිරීක්ෂණ චාරිකාව සංවිධානය කළේ පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සභාව හා මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය යි. කිත්සිරි ලියනගමගේ මහතා ඇතුළු ආණ්ඩුකාර කාර්ය මණ්ඩලයේ පිරිසක් සමඟ මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපති නීතීඥ ජානක සකලසූරිය , එහි අධ්‍යක්ෂ හා මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් , පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් සමීර රත්නායක යන මහත්වරු හා පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සභා ලේකම් ප්‍රියංකා මහත්මිය ඇතුළු පිරිසක් ද මෙම නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියහ.