
පොල්ගොල්ලවත්ත විදුහල "විද්‍යාප්‍රදීප විදුහල: ලෙසන් නව ප්‍රවේශයකට.
අතීතයේ පැවැති ගුරු සේවය අද රැකියාවක් බවට පත් වෙලා. අද දරුවෝ අමතර පන්ති යනවා නම් ඒක පාසලේ ගුරුවරයාගේ වගකීම නිසි ලෙස ඉටු නොවීමක් ලෙසයි අපිට හඳුන්වන්න පුළුවන් වන්නේ. පළාතේ පවතින පාසල් වල තමන්ගේ පංතියේ දරුවන්ට මුදල් අය කර අමතර පන්ති පවත්වන ගුරුවරුන් වෙනුවෙන් දඬුවම් දීමට මේ වන විට නිසි වැඩපිළිවෙළක් සකස් කොට පවතිනවා. දැනට ගුරුවරුන් දහදෙනකු මේයටතේ විනය ක්‍රියාමාර්ග ගැනීමට යොමු කොට ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.
ඒ මහතා මෙලෙස පැවසූයේ පසුගිය (22) පොල්ගොල්ලේ පැවැති අධ්‍යාපන ක්‍රියාවලිය නවීකරණ කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩසටහනකට එක්වෙමිනි.
නූතනයට අධ්‍යාපන රටාවට ගැලපෙන ලෙස වෙනස් වීම සමාජ යථාර්ථයක් බවට පත් කරමින් 1931 වර්ෂයේ පොල්ගොල්ලවත්ත නමින් ආරම්භ කරන ලද විදුහල කාලිනත්වයට ගැලපෙන ලෙස ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය විධිමත් කිරීම අරමුණු ඇතිව සකස්කරණ ලද පස් අවුරුදු සැලැස්මේ එක් අංගයක් ලෙස පාසල් නාමය වෙනස් කිරීමේ කටයුත්ත අද දින ආණ්ඩුකාරවර ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පාසල් පරිශ්‍රයේදී සිදු කෙරිණ. මෙහිදී නව දැක්මක් සහිතව පාසලේ ප්‍රගමනය වෙනුවෙන් මාප/වත්/ විද්‍යාප්‍රදීප විදුහල ලෙස නාමය වෙනස් කිරීම සිදු කරන ලද අතර නව පාසල් නාම පුවරුව විවෘත කිරීම අණ්ඩුකාරවරයා අතින් සිදු වූ අතර, මෙම වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කරන ලද පාසලේ ළමා මිතුරු පුස්තකාලය විවෘත කිරීමද ආණ්ඩුකාරවර ලලිත් යූ ගමගේ මහතා අතින් සිදුවිය.
එම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , පළාත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ (පාලන) සී.පී.ජී.මායාදුන්නේ , හිටපු ජාතික පාසල් අධ්‍යක්ෂ කිත්සිරි ලියනගමගේ, වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න, කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ අංකුඹුර යන මහත්ම මහත්මීන්, දෙමාපියන් , ආදී සිසුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.