සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

උඩුරාවණ ට නව පේෂකර්ම මධ්‍යස්ථානක්.

උඩුරාවණ ට නව පේෂකර්ම මධ්‍යස්ථානක්.

උඩුරාවණ ට නව පේෂකර්ම මධ්‍යස්ථානක්. රටක් ලෙස පවතින අභියෝගයන් ජය ගැනීම වෙනුවෙන් දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා දේශීය කර්මාන්ත සුරක්ෂිත කිරීම හා ඒවා ව්‍යාප්ත කරමින් ශක්තිමත් කිරීම කාලීන අවශ්‍යතාවක් වී ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් ගමගේ මහතා පවසයි. මධ්‍යම පළාතේ විවිධ ප්‍රදේශවල වැසිගිය රාජ්‍ය ආයතන වල පවතින ගොඩනැගිලි වලින් ප්‍රයෝජන ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන නව ව්‍යාපෘතියකට පසුගිය (22) එක් වෙමින් තව පේෂකර්ම මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඒ මහතා මෙලෙස පැවසීය. පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උඩුරාවන ප්‍රදේශයේ පිහිටි පාසලක් වැසී යාමෙන් පසුව මෙම ගොඩනැගිලි වඩු කර්මාන්ත ශිල්පය පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගොස් ඇත. එය ද 2013 වර්ෂයේ සිට වැසී ගොස් ඇති අතර මෙම ගොඩනැගිලි දිරාපත්ව විනාශ වීමට ඉඩ නොතබමින් නව දැක්මක් අනුව ක්‍රියාත්මක වෙමින් එම ගොඩනැගිල්ලේ පේෂකර්ම මධ්‍යස්ථානයක් ස්ථාපිත කරමින් රැකියා වියුක්තියට විසඳුමක් මෙන්ම දේශීය ආර්ථිකයට ශක්තියක් ලබාදීමට පියවර ගෙන ඇත. “අභිමානවත් මැද රට දේශීයත්වයෙන් විශිෂ්ටත්වයට” යන තේමාව මුල්කර ගනිමින් මධ්‍යම පළාත් පේෂකර්ම දෙපාර්තමේන්තුව මගින් මෙවැනි වැසී ගිය රාජ්‍ය ආයතන වල පවතින ගොඩනැගිලි උපයෝගී කරගනිමින් ආරම්භ කරන ලද සිව්වැනි පේෂකර්ම මධ්‍යස්ථානය මෙය වේ. මෙම මෙම අවස්ථාව සඳහා වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල , කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් උපාලි රණවක මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් ,පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් තක්ෂිලා වීරකෝන්, පේෂකර්ම අධ්‍යක්ෂ ස්වර්ණා පෙරේරා, පාතදුම්බර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කීර්ති බණ්ඩාර අබේසිංහ, වත්තේගම නගර සභාවේ ලේකම් එස්.මඩුගල්ල, පාතදුම්බර ප්‍රාදේශීය සභාවේ ලේකම් එම්. ශ්‍රියාණි යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook