
වෛද්‍ය නිශ්ශංක විජේවර්ධන මහතා දිවයිනේ හොදම රාජ්‍ය සේවකයින් පස්දෙනා අතරට.
වෛද්‍ය නිශ්ශංක විජේවර්ධන මහතා දිවයිනේ හොදම රාජ්‍ය සේවකයින් පස්දෙනා අතරට.
ජනතා සේවය සිය ප්‍රමුඛතාවය කොට ගත් අවංක රාජ්‍ය නිලධාරීන්ට නිසි පිළිගැනීමක් ලබාදීම වෙනුවෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය මගින් පවත්වන ලද ඉන්ටග්‍රිටි අයිකන් ශ්‍රී ලංකා 2022/23 සම්මාන ප්‍රදානෝත්සවයේ දිවයිනේ හොදම රාජ්‍ය සේවකයින් 05 දෙනා අතරට, නුවරඑළිය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිශ්ශංක විජේවර්ධන මහතා තේරී පත්විය.
එතුමන් පිළිගැනීමේ උත්සවයක් ඉකුත්දා (21) නුවරඑළිය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්‍යාලයීය ශ්‍රවණාගාරයේ පැවැත්විණි.
මෙම උත්සවය නුවරඑළිය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය සුබසාධක සංගමය මගින් සංවිධානය කර තිබුණි.