
Visit kandy අධ්‍යාපනික වෙළඳ ප්‍රදර්ශනය හා අලෙවි පොළ මහනුවර කේ කේ සී ආයතනයේදී.
Visit kandy අධ්‍යාපනික වෙළඳ ප්‍රදර්ශනය හා අලෙවි පොළ මහනුවර කේ කේ සී ආයතනයේදී ඉකුත්දා(29) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.
මහනුවර නගරයට පිවිසෙන දේශීය හා විදේශීය සංචාරකයින් ඉලක්ක කොට ගනිමින් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය දෙදිනක් පුරා පැවැත්වෙන අතර මෙහිදී අලෙවි කුටි, ප්‍රදර්ශනාත්මක අංග සහ දැනුම ලබාගත හැකි අංශ රැසකින් සමන්විත වන අතර සංස්කෘතික විවිධ ප්‍රසංගය කින් ද මෙය වර්ණවත් වේ.
විසිට් ශ්‍රී ලංකා ජාතික වැඩසටහනට සමගාමීව මහනුවර නගරය කේන්ද්‍රගත කරගනිමින් මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන මධ්‍යම පළාත් සංචාරක අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් සභාවේ අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සංචාරක මගපෙන්වන්නන් ගේ සංගමයේ නිලධාරීන්, වියවසායකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.