
‘විසිට් කැන්ඩි ’ ප්‍රදර්ශනයට හා අලෙවි පොළට සමගාමීව විශේෂ සංස්කෘතික ප්‍රසංගයක් .
‘විසිට් කැන්ඩි ’ ප්‍රදර්ශනයට හා අලෙවි පොළට සමගාමීව විශේෂ සංස්කෘතික ප්‍රසංගයක් .
මධ්‍යම පළාත් වෙළෙඳ, වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව විසින් මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හි සහය සහිත ව සංවිධානය කරන ලදුව අගෝස්තු මස 29 හා 30 යන දෙදින පුරා එහි ඉහළ මහලේ පැවැත්වෙන ‘විසිට් කැන්ඩි ’ ප්‍රදර්ශනයට හා අලෙවි පොළට සමගාමී ව ඉදිරිපත් කළ විශේෂ සංස්කෘතික ප්‍රසංගයක් ඊයේ (29) පස්වරුවේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් හා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ප්‍රමුඛ පළාත් සභා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ප්‍රදර්ශන භූමියේ දී පැවැත්විණි.
උඩරට ඉපැරණි කලා උරුමය විදහා දැක්වෙන නර්තනාංග ගණනාවකින්ම ප්‍රසංගය වර්ණවත් විය. නර්තනාංග ඉදිරිපත් කළේ පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ පවත්වා ගෙන යන පළාත් නර්තන කණ්ඩායමේ සාමාජික සාමාජිකාවන් ය.
ඇසළ පෙරහැර මංගල්‍යයට සහභාගී වීම පිණිස මේ දිනවල මහනුවර නගරයට පැමිණ සිටින දේශීය සංචාරකයන් පිරිසක් මෙන්ම විදේශීය සංචාරකයන් පිරිසක් ද ප්‍රසංගය නැරඹීමට එක්ව සිටියහ.
‘විසිට් කැන්ඩි’ ප්‍රදර්ශනය, අලෙවි පොළ හා මෙම ප්‍රසංගයේ මූලික අරමුණක් වන්නේ මෙරට සංස්කෘතික උරුමය නිරූපිත විවිධ නිෂ්පාදන කාර්යයන්හි නිරතවන ව්‍යවසායකයන් වෙත නව වෙළෙඳ පොළක් ද නිර්මාණය කර දෙමින් පළාතේ සංචාරක කර්මාන්තයේ ප්‍රගතිය වෙනුවෙන් අවශ්‍ය අවකාශය පුළුල් කරලීම යි.