සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

ලග්ගල පල්ලේගම ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව ග්‍රාමීය රෝහලක් බවට පත්කිරීම සදහා විශේෂ සාකච්ජාවක්.

ලග්ගල පල්ලේගම ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව ග්‍රාමීය රෝහලක් බවට පත්කිරීම සදහා විශේෂ සාකච්ජාවක්.

ලග්ගල පල්ලේගම ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව ග්‍රාමීය රෝහලක් බවට පත්කිරීම සදහා විශේෂ සාකච්ජාවක්. මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවට අයත් ලග්ගල පල්ලේගම ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව ග්‍රාමීය රෝහලක් බවට පත් කිරීම පිළිබද සාකච්ජාවක් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී පසුගියදා (01) පැවැත්විණ.මෙහිදී මෙම රෝහලට පවත්වාගෙන යාමට අවශ්‍ය වෛද්‍යවරුන් , සේවකයින් අනුයුක්ත කරගැනීම හා ඖෂධ සපයාගැනීමත් මධ්‍යම පළාතේ රාජ්‍ය ආයතන හා පාසල් තුල ආයුර්වේද බෙහෙත් නිෂ්පාදනය සදහා අවශ්‍ය ඖෂධ වගා කිරීමේ විශේෂ වැඩසටහනක් සැකසීම පිළිබදව ද මෙහිදී සාකච්ජා කෙරින . මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , මධ්‍යම පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පරිවාස අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරී මහතා , මධ්‍යම පළත් ආයුර්වේද කොමසාරිස් එච්. එම් .ජේ . බි හේරත් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook