
දැනට අක්‍රිය තත්වයේ පවතින ව්‍යාපෘතීන් නැවත ක්‍රියාත්මක කිරීමට පළාත් පාලන දෙපාර්තමේන්තුව සැලසුම් කරයි.
දැනට අක්‍රිය තත්වයේ පවතින ව්‍යාපෘතීන් නැවත ක්‍රියාත්මක කොට ඒවා ඵලදායි ලෙස ගොඩනංවා මහජන සුබසෙත උදෙසා යෙදවීමට පළාත් පාලන දෙපාර්තමේන්තුව සැලසුම් කරයි. එහි ආරම්භක ව්‍යාපෘතිය ලෙස උග්‍ර ජල හිගයෙන් පිඩා විදින ,දුෂ්කරතාවයට පත් පාතහේවා හැට ජනතාවට පිරිසිදු පානිය ජලය ලබාදීමේ අරමුණෙන් ආරම්භ කොට අතරමග නතරව ඇති අංකෙලිපටිය ජල ව්‍යාපෘතිය සක්‍රීය කිරීමට පියවර ගැනේ.
පසුගියදා මෙම ව්‍යාපෘතිය පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ නිරීක්ෂණයට ලක් වූ අතර, මෙම ව්‍යාපෘතියේ සක්‍රිය කිරීමේන් ප්‍රදේශයේ ජනතාවට සැලසෙන සහනය පිලිබදව පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය ඇතුලු නිළධාරින් මෙහිදී පෙන්වා දෙනු ලැබිය . මෙම ව්‍යාපෘතිය අතරමග නතර වීම හේතුවෙන් මතුවූ ගැටලු ද මෙහිදී සාකච්ඡාවට බදුන් විය .මහජනතාවගෙ අපේක්ෂාවන් ඉටු කිරීම සඳහා, සියලුම ආයතන වල සහයෝගය ලබා ගනි උක්ත ව්‍යාපෘතිය වඩාත් ඵලදායිව ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කරනු ලැබිය. .