සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ට මලල ක්‍රීඩා තරගාවලියේ පළමු  අදියරේ තරඟ දිගනදී.

ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ට මලල ක්‍රීඩා තරගාවලියේ පළමු අදියරේ තරඟ දිගනදී.

ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ට මලල ක්‍රීඩා තරගාවලියේ පළමු අදියරේ තරඟ දිගනදී. ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ට මලල ක්‍රීඩා තරගාවලියේ පළමු වන අදියරේ තරගාවලිය මහනුවර දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගනයේදී පසුගිය (02,03) වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. අධ්‍යාපන අමාත්‍යංශයේ පුර්ණ අනුමැතිය හා අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය සදහා මධ්‍යම , උතුරු මැද, වයඹ යන පළාත් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4000 කට අධික ප්‍රමාණයක් තරඟ ඉසව් 135 ක් වෙනුවෙන් සහභාගි විය. මෙම තරගාවලියෙන් ජයග්‍රහණය කරන ලද බාලක බාලිකාවන් ඉදිරියේදී කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත 52 වන ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ට මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් තරඟ සඳහා සුදුසුකම් ලැබීමට සමත්වේ. රිසිට්බරි ආයතනයේ පුර්ණ අනුග්‍රහය ඇතිව සංවිධානය කොට පැවති මෙම තරගාවලියේ සමාරම්භක අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ උපාලි අමරතුංග, ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයේ සභාපති ආචාර්ය කුසල ප්‍රනාන්දු, ජ්‍යෙෂ්ට ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook