සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

සේවක හිගයෙන් නුවරඑළියේ සේවාවන් හි ඵලදායිතාවය  පවත්වාගෙන යෑමේ අභියෝගයක්.

සේවක හිගයෙන් නුවරඑළියේ සේවාවන් හි ඵලදායිතාවය පවත්වාගෙන යෑමේ අභියෝගයක්.

සේවක හිගයෙන් නුවරඑළියේ සේවාවන් හි ඵලදායිතාවය පවත්වාගෙන යෑමේ අභියෝගයක්. රටේ ජාතික කිරි නිෂ්පාදනයෙන් 33% ක් මධ්‍යම පළාතෙන් සපයනු ලබන්නේ පශුවෛද්‍යවරුන් 37 දෙනෙකු පුරප්පාඩු ව පවතින තත්වයක් හමුවේ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.මෙහිදී වැඩිම කිරි ගවයන් ප්‍රමාණයක් ඇති කරන බගවන්තලාව , මස්කෙළිය සහ තිස්පනේ යන පශුවෛද්‍ය කාර්යාල පවත්වා ගෙන යාම දුෂ්කරව පවතින පසුබිමක ජාතික නිෂ්පාදනයට කිසිදු දායකත්වයක් නොදක්වන පළාත් වල පශුවෛද්‍යවරුන් අතිරික්ත බවත් , එක පලාතක 12 ක් සහ තවත් පලාතක 06 දෙනෙකු කිසිදු කටයුත්තක නිරත නොවී කාර් යාල ගතව සිටින බව ට හෙළිදරව් කරනු ලැබිය.නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවති දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමේ දී මෙම කරුණු අනාවරණය වූ අතර මාසිකව ලීටර මිලියන 06 කට වැඩි ප්‍රමාණයක් මධ්‍යම පළාතෙන් කිරි නිෂ්පාදනය කරනු ලබන බවත්. පශු සංවර්ධන නිලධාරින් 108 දෙනෙකු ගේ අඩුපාඩුවක් පළාත තුල පවතින බැවින් කිරි කර්මාන්තය ප්‍රවර්ධනයට ඇති අවස්ථා ද මග හැරි අතර අවශ්‍ය මානව හා භෞතික සම්පත් සපුරාලිය හැකි නම් ධාරිතාවයන් ඉහල නංවාලිය හැකිබවත් හෙළිදරව් කෙරෙණි. දිස්ත්‍රික්ක යේ සෞඛ්‍ය සේවාවාන් පවත්වා ගෙන යාම සදහා වෛද්‍යවරුන් , හෙදියන් සහ ඖෂධ සංයෝජකයන් ගේ ද විශාල අඩුවක් පවතින අතර විකල්පයක් ලෙස විශ්‍රාමලත් 13 දෙනෙකු ගේ සේවය ලබා ගැනීමට අනුමැතිය ලැබී ඇති බවත් සදහන් විය.පාසල් ආශ්‍රිත ව පවතින විශාල හිස් ඉඩම් දීර්ඝ කාලින බදු දීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමටත් ඒ හරහා ජාතික ආර්ථිකයට දිස්ත්‍රික්කයෙන් ලබා දෙන දායකත්වය ඉහල නැංවීමට හේතුවන බවත් ප්‍රකාශ විය. හෙවින්ගේ නිෂ්පාදනයන් අලෙවි කිරීම සදහා නියම මිලක් තීරණය කොට එය පවත්වා ගෙන යෑමට කෘෂිකර්ම සහ වෙළද අමාත්‍යාංශ වල ඒකාබද්ධ උපදේශාත්මක සහයක් ලබා ගැනීම කෙරෙහි කමිටුවේ අවධානය යොමු විය.පසුගිය වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල විශ්ලේෂණයක් කමිටු රැස්වීමට ඉදිරිපත් කෙරෙනු අතර , මධ්‍යම පළාතේ කලාප 15 අතුරින් හැටන් අධ්‍යාපන කලාපය ඉතා ඉහල සාධන මට්ටමක් ලබා ගැනීමට සමත්වී ඇති බවත් වලපනේ , කොත්මලේ සහ හගුරන්කෙත කලාප පිලිවෙලින් සිය ප්‍රතිශතයන් වර්ධනය කර ගැනීමට සමත්ව ඇත. ප්‍රාදේශීය මාර්ග ගනනාවක් පයින් හෝ ගමන් කිරීමට නොහැකි තරමට අබලන් වි ඇති මාර් ග සංවර්ධනය ,පළාත් සභා ප්‍රාග්ධන ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම , විවිධ සංවර්ධන කටයුතු සදහා රාජ්‍ය ඉඩම් මුදා හැරීම , නාය යෑම් හේතුවෙන් අවතැන් වූ පවුල් නැවත පදිංචි කිරීම, ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීම, නානුඔය නගර සංවර්ධනය, කොටගල සහ නෝර් වුඩ් ප්‍රාදේශීය සභා වල පවතින සේවක හිගය ඇතුළු කරුණු ගණනාවක් මෙම කමිටුව හමුවේ සාකච්ඡා වට භාජනය කෙරෙණි. දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම සභාපතිවරුන් වන ආණ්ඩුකාරවර ලලිත් යු ගමගේ සහ එස්.බී දිසානායක යන මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට ජීවන් තොන්ඩමාන් අමාත්‍යවරයා සහ සී.බී රත්නායක, වී රාධාක්‍රිෂ්නන් , එස්. රමේශ්වරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් සහ ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ ,නුවර එලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ යන මහත්වරුන් ඇතුළුව මධ්‍යම පළාත් සභාවේ අමාත්‍යාංශ ලේකම්වරුන් ,දෙපාර්තමේන්තු හා ආයතන ප්‍රධානින් , පළාත් පාලන ආයතන ප්‍රධානින්,ආරක්ෂක ප්‍රධානින් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook